×

බින් ලාඩන්ගේ ලේලියගේ සහායත් ට්‍රම්ප්ට !

හිටපු අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ ඥාති දියණියක මේ වන විට පුවත් මවමින් සිටින අතර, ඇය පවසා තිබෙන්නේ ඇමරිකාව ත්‍රස්තවාදයෙන් බේරාගත හැකි එකම ජනපති ට්‍රම්ප් බවයි !


‘මගේ ආදරණීය ජනපති‘ (My beloved President) යනුවෙන් ඇය ට්‍රම්ප් ගැන හඳුන්වන ආකාරය ද දැකගන්නට ලැබේ. තමන් හදවතින් ඇමරිකානුවෙක් බව ද ඇය පවසයි. කුඩා කාලයේ පටන්ම තම නිදන කාමරයේ ඇමරිකානු ධජයක් තිබූ බවත්, හැකි සෑම විටකම සිය මව සමග ඇමරිකාවට ගිය බවත් ඇය කියා තිබේ.

ඔසාමා බින් ලාඩන්ගේ අර්ධ සහෝදරයෙකුගේ දියණිය වන ඇය නූර් බින් ලාඩන් ඉපදී ඇත්තේ ද ජීවත් වන්නේ ද ස්විට්සර්ලන්තයේ ය.

‘බින් ලාඩන්‘ වෙනුවට ‘බින් ලාඩින්‘ යන වාසගම පාවිච්චි කරන නූර් බින් ලාඩින් ස්විට්සර්ලන්තයට පැමිණ තිබෙන්නේ සිය දෙමාපියන්ගේ විවාහයත් සමග ය. බින් ලාඩන්ගේ අර්ධ සහෝදරයා වූ යෙස්ලාම් බින් ලාඩින් විවාපත් වූයේ ස්විට්සර්ලන්ත ජාතික ලේඛිකාවක සමග ය. කාමන් ඩුෆූර් නමැති ඇය, 2004 වසරේදී ‘Inside the Kingdom: My Life in Saudi Arabia’ in 2004 යනුවෙන් බින් ලාඩන් පවුල තුළ සිය ජීවිතය ගැන පොතක් ද ලියා තිබේ.

Noor bin Ladin's father Yeslam bin Ladin is an older half-brother of terrorist leader Osama bin Laden

නූර් බින් ලාඩින්ගේ පියා ඔසාමා බින් ලාඩන්ගේ අර්ධ සහෝදරයෙකි

‘‘මම 2015 ඉඳන්ම ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ රසිකයෙක්‘ යැයි ද ඇය කියන්නීය.

මේ වන විට මෙම පුවතට විශාල ප්‍රසිද්ධියක් ලැබෙමින් පවතින්නේ, ඇමරිකාවේ පදනම් සසල කළ සැප්තැම්බර් 11 ප්‍රහාරය (9/11 ප්‍රහාරය) සිදුකළ මහමොළය වූයේ, එනම් ඇගේ ආදරණීය ජනාධිපතිගේ රටට එදා මෙදාතුර බිහිසුණුම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ ඇගේ බාප්පා විසින් වීම නිසා ය.

මෙයින් නොනැවතී නූර් බින් ලාඩන් මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක්ම සිදුකරමින් සිටියි.

එයින් එකකට අනුව, ඇමරිකාවට තවත් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම වලක්වා ගත හැක්කේ ඩොනල්ඩ් ට්‍රම්ප් හට පමණි.

33 හැවිරිදි නූර් බින් ලාඩන් තවදුරටත් පවසනන්නේ, මෙවර ට්‍රම්ප් වෙනුවට ජෝ බයිඩන් ජනාධිපති වුවහොත්, තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවයි! ඇමරිකා එක්සත් ජනපදයේ වාමාංශිකයන්, වර්ගවාදීන් සමග එක්ව සිටින බවටත් ඇය චෝදනා කරන්නීය.

ඒ අනුව ඇය තරයේ කියා සිටින්නේ ට්‍රම්ප් නැවත ජනාධිපති වශයෙන් තේරී පත්විය යුතු බව ය.

ඇය හෙළි කර සිටියේ තමන් දීර්ඝ කාලයක පටන් ට්‍රම්ප්ගේ ආධාරකාරියක වන බවයි. ස්විට්සර්ලන්තයේදී තමන් නොබියව ‘මාගා‘ හෙවත් බින් ලාඩන් විසින් පැළඳ සිටි වර්ගයේ තලප්පාවක් පළඳින බවත් ඇය කීවාය. එහිදී සිදුවූ විවිධ අකටයුතුකම් ගැනත් කියමින්, එවැනි අසාධාරණ කම් වළක්වාලිය හැක්කේ ට්‍රම්ප්ට පමණක් බවත් කීවාය.
  Bin Ladin's world was torn apart when she was just 14 years old and her uncle Osama Bin Laden, pictured, carried out the 9/11 attack on her beloved United States
Osama bin Laden
හිටපු අල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන්

 

 

 

ඇය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ ඔබාමා/ලාඩන් පරිපාලනයට ය. ඒ යටතේ  ISIS සංවිධානය බලවත් වූ බවත්, එය වැළැක්විය හැකි එකම ජනපති ට්‍රම්ප් බවත් ඇය කියා තිබේ. ඔසාමා බින් ලාඩන් ඇමරිකානු නේවි සීල් භටයන් විසින් පාකිස්ථානයේදී මරා දැමුවේ ද ඔබාමා පාලන සමයේදී ය.

‘‘ට්‍රම්ප් නැවත පත්විය යුතුයි… එය ඇමරිකාවේ පමණක් නොවෙයි, බටහිර ශිෂ්ටාචාරයේම අනාගතයට වැදගත්..‘‘ යැයි හැකි සෑම ආකාරයකින් ම ඇය ට්‍රම්ප් ව පසසන්නීය.

‘‘යුරෝපයේ ගතවූ වසර 19 තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර සලකා බැලුවොත්, ඒවා අපිව කම්පනයට පත් කළා. රැඩිකල් ඉස්ලාමය අපේ සමාජය තුළටම කාන්දු වෙලා..‘‘

කෙසේ වෙතත් 2018 Gallup මත විමසුමට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැන ප්‍රසාදයෙන් කතා කරන්නේ ස්විට්සර්ලන්ත වැසියන්ගෙන් 18%ක් පමණි.

නූර් බින් ලාඩින් ස්විට්සර්ලන්තයේ ග්‍රොසරි හිමිකාරියක වන අතර, ඇය එහි රැකියාවේ යෙදෙන්නේ ද මාගා තලප්පාව පැළඳගෙන ය. විටින් විට එයට ස්විට්සර්ලන්ත  වැසියන්ගෙන් විරෝධය එල්ල වී තිබෙන බව පවසන ඇය, එනමුත් ඇමරිකාවේදී නම් ඇයට කිසිම වෙනස්කමක් සිදුනොවූ බව ද පවසයි. ඇමරිකාව ජාතිවාදී රටක් නොවන බවත් ඇය පවසයි.

මේ දක්වා අප්‍රකට චරිතයක් ලෙස සිටි නූර් බින් ලාඩින් මේ වන විට ජිනීවා සරසවියේ ව්‍යාපාර පරිපාලනය ගැන උපාධියක් ද, යුනිවසිටි ඔෆ් ලන්ඩන් වෙතින් වාණිජ නීතිය ගැන දර්ශනපති උපාධියක් ද හදාරන බව වාර්තා වේ.

ඔසාමා බින් ලාඩන් විසින් 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සිදුකරන විට ඇගේ වයස අවුරුදු 14 ක් පමණි. ‘

‘අවුරුදු තුනේ ඉඳන් මම අම්මත් එක්ක අවුරුද්දට කීප සැරයක් ඇමරිකාවට යනවා. ඇමරිකාව කියන්නෙ මගෙ දෙවැනි ගෙදර..‘‘

තමන්ට සැප්තැම්බර් 11 ප්‍රහාරයේ අනුස්මරණ ස්මාරකය වෙතට යාමට තවම නොහැකි වූ බවත්, එය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් යැයි සිතන බවත් නූර් පවසා තිබේ.

මේ වන විට ඇමරිකාවේ පවතින්නේ අතිශය වර්ගවාදී – ජාතිවාදී වාතාවරණයකි. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදු ජාතික සම්භවයක් නොමැති අයට සලකන ආකාරය ලොවට රහසක් නොවේ. ඔහුගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම කවදත් තිබුණේ ත්‍රස්තවාදයයි. ඇතැම්විට ඔසාමා බින් ලාඩන්ගේ ඥාති දියණියගේ මේ කල එළි බැසීම ඔහුට ‘ඉබ්බා දියට දැමීමක්‘ වනු ඇත.

ඒ නිසා ඉදිරියේදී ට්‍රම්ප් සහ නූර් බින් ලාඩින් එකම මැතිවරණ වේදිකාවක සිටියත් පුදුම නොවන්න!

Bin Ladin claims she's not afraid to show her support for Trump in Europe despite the reaction it gets and wears her MAGA to the store where she has been confronted by other customers

The 33-year-old Noor bin Ladin has kept a low profile despite her infamous last name
She gave her first interview this week in which she praised President Donald Trump



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි