පසුගියදා වියානාහි එක් රැස් වූ ඔපෙක් රටවල් 13ක් හා මොස්කව් ප්රමුඛ මිත්‍ර පාක්ෂිකයින් 10 ක් එක්ව නොවැම්බර් මාසයේ සිට දිනකට බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන දෙකකින් අඩු කිරීමට හා බොරතෙල් මිල ඉහළ නැංවීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ.
මීට මාස ගණනාවක් තිස්සේ බොරතෙල් නිෂ්පාදනය කපා හැරීමෙන් වලක්වාලීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නියැලී සිටින ජෝ බයිඩන්ගේ පරිපාලනය, මේ පිළිබඳ දැඩි කළකිරීමෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් Karine Jean-Pierre බදාදා වාර්තාකරුවන්ට පැවසා තිබුණේ ඔපෙක් රටවල් අද කරන ලද නිවේදනය සමඟ රුසියාව සමඟ පෙලගැසෙන බව පැහැදිලි බවයි.
මෙම තීරණය ප්රතික්ෂප කරමින් ඔපෙක් කණ්ඩායමේ මහලේකම්, හයිතම් අල්-ගයිස් සිකුරාදා පැවසුවේ මෙය එක් රටක් තවත් රටකට එරෙහිව ගත් තීරණයක් නොවන බවයි.
සශිකලා මධුෂාණී_