×

‘‘මගෙන් කෝවිඩ් බෝවෙන්නේ නැහැ‘‘ – 2000 ක පිරිසකට ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරයුම් කරයි

රෝහලේ සිට පැමිණි ට්‍රම්ප්, තමන්ට දැන් රෝගයට ප්‍රතිශක්තිය ඇතැයි පැවසූ අතර, ඔහුගේ වෛද්‍යවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණේ ජනපතිවරයාගෙන් තවත් අයෙකුට රෝගය බෝ නොවන බව ය.


ඒ අනුව අද දිනයේ නිරෝධායනයට සමු දී ජනපති ට්‍රම්ප් නැවත වරක් ධවල මන්දිරයේ බැල්කනියට නගින්නට නියමිත ය.

ඒ, සිය දේශපාලන ආධාරකරුවන් ඇමතීම සඳහා නොහොත්, තමන්ගේ පොලිටිකල් රැළියක් පැවැත්වීම සඳහා ය.

CNN පුවත් සේවය පවසන්නේ දෙදහසකට ආසන්න පිරිසකට මේ සඳහා පැමිණෙන ලෙසට ඇරයුම් කර තිබෙන බවයි.

ඔවුන්ට මාස්ක් ගෙන එන ලෙසට පවසා ඇති අතර, ඔවුන්ගේ දේහ උෂ්ණත්වය මැනීමට ද පියවර ගෙන ඇතැයි ධවල මන්දිරය පවසයි.

පසුගිය සැප්තැම්බරයේ රෝස් ගාඩ්න් හි පැවති උත්සවය ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයට කොරෝනා වෛරස් ආසාදනයට හේතු වූ බවට මතයක් තිබේ. ඒ අනුව හෙට පටන් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සහ ධවල මන්දිරයේ සේවකයන් සම්බන්ධයෙන් කුමන ආකාරයේ පුවත් පළ වේදැයි අපට දැන් තබාම උපකල්පනය කිරීමට පුළුවන.

ට්‍රම්ප් මෙසේ එළි බසින්නේ සඳුදා සවස ධවල මන්දියට පැමිණීමෙන් පසුව පළමු වතාවට ය. නමුත් ඔහු දීර්ඝ දුරකථන සංවාද කිහිපයකම නිතර වී තිබිණි. එහිදී ඔහු ෆොක්ස් නිව්ස් සමග පවසා තිබුණේ තමන් නැවත වරක් කොරෝනා වෛරස් පරීක්ෂාවකට ලක් වූ නමුත් තවමත් ප්‍රතිඵල ලැබී නැති බව ය.

දෙවැනි විවාදය කැන්සල්

ජනාධිපති විවාද පිළිබඳ කොමිසම (The Commission on Presidential Debates) ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර ඔක්තෝබර් 15 දිනට නියමිත ව තිබූ දෙවැනි විවාදය අවලංගු කර දැමුවේය.

තුන්වැනි විවාදය පවත්වන්නට නියමිත ව තිබෙන්නේ ඔක්තෝබර් 22 වැනිදා නෑෂ්විල් හිදී වන අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේදී ගනු ඇත.

නමුත් ට්‍රම්ප් දැඩි සේ විශ්වාස කරන්නේ දේශපාලන ප්‍රචාරණ වැඩවල නිරත වීමට තරම් තමන් නිරෝගී බව ය.

ෆ්ලොරිඩා රැළිය – සඳුදා හවස

මේ අතර සඳුදා දිනයේ සන්ධ්‍යාවේ ෆ්ලොරිඩා ජනපදයේ රැළියක් පැවැත්වීමට ද ට්‍රම්ප් සංවිධානය කර තිබේ. එය ඕලැන්ඩෝ හි ගුවන්තොටුපොළ හැන්ගාරයේදී පැවැත්වීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි