BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

‘මව්බිමක‘ අවම මිල සිරුරු පන්දහසයි!

දශක 3කට පසු නැවත ඇවිළුණු වාර්ගික යුද්ධය :නගොර්නෝ - කරබාක් යුද්ධය

2020 සැප්තැම්බර් මාසයේ සිට අවුළා ගිය, නූතන ලෝකයේ මෑත ඉතිහාසයේ වැඩිම ඝාතන සංඛ්‍යාවක් දැනට වාර්තා වී ඇති යුද්ධය ලෙස සැලකෙන්නේ ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පවතින නගොර්නෝ-කරබාක් යුද්ධයයි.

ඊයේ (08) දිනයේ එම යුද්ධයේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් අසර්බයිජානය විසින් බෙදුම්වාදී නගොර්නෝ -කරබාක් පළාතේ ප්‍රධාන නගරයක් අල්ලා ගත් බව වාර්තා විය.

මෙම පළාතේ බෙදුම්වාදීන්ගේ ජන නායකයා ලෙස සැලකෙන ඉල්හාම් අලියෙව් මේ බව නිවේදනය කළේ රූපවාහිනිය ඔස්සේ ය.

මේ අනුව සුෂා හෙවත්, ආර්මේනියානු බසින් ‘සුෂි‘ නමැති නගරය අල්ලා ගත් බව කියැවුණේය.

කෙසේ නමුත් ආර්මේනියාව මේ නගරය අල්ලාගත් බව ප්‍රතික්ෂේප කරන අතර, පවසන්නේ සටන් තවදුරටත් පවතින බව ය.

මොකක්ද මේ නගර්නෝ කරබාක්?

නගොර්නෝ කරබාක්, අන්තර්ජාතික ලෙස සැලකෙන්නේ අසර්බයිජානයේ කොටසක් ලෙස ය. නමුත් එහි පාලනය ගෙන ගියේ ආර්මේනියානු ආණ්ඩුවේ සහාය ලබන වාර්ගික ආර්මේනියානුවන් (ethnic Armenians) විසිනි.

සටනක් ඇයි?

අසර්බයිජානයට සහ ආර්මේනියාවට යුද්ධ කර ගැනීම අලුත් දෙයක් නොවේ. පැවති අවසාන යුද්ධය ඔවුන් අවසන් කරන්නේ 1994 වසරේදී ය. එහිදී සටන් විරාමයක් ඇතිවුවත්, සාම ගිවිසුමක් ඇති වුණේ නැත.

90 දශකයේ මුල |AFP

ආර්මේනියාව සහ අසර්බයිජානය යන රටවල් දෙකම පැරණි සෝවියට් සංගමයට අයත් රටවල් ය. මේ අසල්වැසි රටවල් දෙක පිහිටා තිබෙන්නේ කොකේසස් කඳුකරය ආශ්‍රිතව ය.

1980 දශකයේ අගභාගයේ සහ 90 දශකයේ මුල භාගයේ ඔවුන් ඇරඹූ සටනට කේන්ද්‍ර වූයේ අසර්ජබයිජාන් පාලනය යටතේ තිබෙන නගරේනෝ කරබාක් පළාතයි.

අසර්බයිඩානයේ පළාතක් වුවත් මෙහි ජනගහනය ප්‍රධාන වශයෙන් ආර්මේනියානුවන් ය. නමුත් සටන් විරාමයෙන් පසුව ද එය අසර්බයිජානයේ කොටසක් ලෙස පැවතියේය. එහෙත් එහි පාලනය ගෙන ගියේ ආර්මේනියානු ආණ්ඩුවේ සහාය ලබන වාර්ගික ආර්මේනියානුවන් විසිනි. දශක ගණනාවක් මුළුල්ලේ අන්තර්ජාතික මැදිහත්වීම්වලටවත් මෙම පළාතට සාමය ගෙන ඒමට හැකියාව ලැබුණේ නැත.

අන්තර් ආගමික ගැටුමක් ද මේ පළාතේ ලියලයි. එනම්, ඛණිජ තෙල් සම්පතෙන් ධනවත් අසර්බයිජානයේ ජීවත් වන බහුතරය මුස්ලිම්වරුන් ය. නමුත් ආර්මේනියාවේ බහුතරය ක්‍රිස්තියානි වැසියන් ය.

තුර්කිය අසර්බයිජානය සමග සමීප සබඳතා ගෙන යයි. මේ අතර ආර්මේනියාවට රුසියාව හේත්තු වී සිටියි. නමුත් රුසියාව අසර්බයිජානය සමග ද සබඳතාවයක් පවත්වාගෙන යයි.

කොකේසස් කන්දේ අරුමය

කොකේසස් කඳුකරය, ගිනිකොණදිග යුරෝපයට අතිශයින්ම වැදගත් උපායමාර්ගික භූ විෂමතාවයකි. සියවස් ගණනාවක් මුළුල්ලේ ක්‍රිස්තියානින් මෙන්ම මුස්ලිම්වරුන් ද නගොර්නෝ කරබාක් හි පාලනය අත් කර ගැනීමට වෙර දරා තිබෙන්නේ එනිසා ය.

සෝවියට් සංගමයෙන් මිදී අසල්වැසියා සමග යුධ ප්‍රකාශ කරයි

1980 දශකයේ අගභාගයේ සෝවියට් සංගමය බිඳ වැටෙන විට නගොර්නෝ කරබාක්, ආර්මේනියාවේ කොටසක් වන්නට තීරණය කළේය. අසර්බයිජානය, එම පළාතේ බෙදුම්වාදී ව්‍යාපාරයක් ගැන පැමිණිලි කළ අතර,සෝවියට් සංගමයෙන් නිදහස ලැබූ වහාම පූර්ණ පරිමාණ යුද්ධයකට දෙරට එළඹුණේය.

මේ යුද්ධයේදී මිය ගිය ගණන දස දහස් සංඛ්‍යාත ය. වාර්ගික ශෝධනය සහ මහා මිනිස් සංහාර දෙපාර්ශවයෙන්ම වාර්තා විය. යුද්ධයෙන් අවතැන් වූ බොහෝ අය අසර්බයිජානුවෝ වූහ.

1994 වසරේදී රුසියාවේ කපු කමෙන් කළ සටන් විරාමයට පෙර ආර්මේනියානු හමුදාව නගොර්නෝ කරබාක් හි පාලනය අත් පත් කර ගත්හ. නමුත් සටන් විරාමයෙන් පසුව එය අසර්බයිජානයේ කොටසක් බවට පත් විය. එහෙත් නිල තත්වය එසේ වුවත් දිගින් දිගටම එහි පාලනය ගෙන ගියේ ආර්මේනියාවයි.

සටන් විරාමයක් විනා සාම ගිවිසුමක් තිබුණේ නැත. සංහිඳියාව හෝ සංක්‍රාන්තික යුක්තිය මේ පළාත දුටුවේ නැත. අද ඇති වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයයි.

දැන් නැවතත් දශක තුනකට පසු මේ පුපුරු ගසමින් ඇවිළෙන්නේ ඒ අළු යට තිබූ ගිනි පුපුරු ය.

ඊයේ දිනයේ අත්පත් කර ගත් බව කියන සුෂා, ආර්මේනියාවට මෙන්ම අසර්බයිජානයට ද එකසේ වැදගත් ය. එහි ජනගහනය වැඩි වශයෙන් අසර්බයිජානුවන් ය. නමුත් යුදෙව්වන් නැගෙනහිර ජෙරුසලමට උරුම කම් කියන්නා සේ ආර්මේනියානුවෝ ද මේ නගරයේ ඇති ශුද්ධ වූ සාන්තුවරයාගේ (Ghazanchetsots) ආසන දෙව්මැදුර ගැන පවසති. එය ආර්මේනියානු අපෝස්තුළු පල්ලියේ කේන්ද්‍රස්ථානයක් සේ සැලකේ.

මේ හමුදා දෙකම යුද්ධයේ අවසානයක් දකින්නට කැමති නැත. ඔවුන් දෙපිරිසම නගෝර්නෝ කරබාක්, සිය ‘මව්බිමේ‘ කොටසක් ලෙස දකිති. මේ අතර දෙපිරිසම සිවිල් වැසියන් මරා දමති. දෙපිරිසම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරති. නමුත් එසේ කරන බවට අනෙකාට චෝදනා කරති.

කිසිවෙකුත් මිය ගිය අයගේ නිවැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් නොකරති. අවම වශයෙන් ආරක්ෂක භටයන් 1200 ක් සටන් බිමේදී මිය ගිය බව ට වාර්තා තිබේ.

මේ අතර, අසර්බයිජානය සමගත් ආර්මේනියාව සමගත් දෙපැත්තටම ආයුධ සපයන, හොඳ හිත ද සපයන රුසියාව මේ යුද්ධයේ අවම මිල ගැන පසුගියදා හෙළිදරව්වක් කළේය. රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මෙසේ කීවේය.

‘‘අවම වශයෙන් මිනිසුන් 5000 ක් සටන්වලදී දැනට මිය ගිහින්..‘‘

දශක 3කට පසු නැවත ඇවිළ ගිය මේ වාර්ගික යුද්ධය අපට කියාදෙන්නේ සාමයක් සේ පෙනුණු විරාමයක් තුළ සංහිඳියාව හෝ සංක්‍රාන්තික යුක්තියක අගය නොදන්නා දෙපිරිසක් ‘මව්බිමක්‘ සඳහා ගෙවිය යුතු අවම මිල ඉහළ දමමින් සිටින ආකාරයයි.


බොරිස් ජොන්සන් ගේ ‘ක්‍රියාත්මක වන/නොවන’ කන්වර්ෂන් තෙරපි තහනම!

ටේසරය වෙනුවට පිස්තෝලය ඇද කළු ජාතික තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරිනිය ඉල්ලා අස් වුණත් උද්ඝෝෂණ දිගටම

සූවස් ඇළ හිර කළ එවර්ගිවන් නෞකාව ඊජිප්තුව ග්‍රහණයට ගනියි – ඩොලර් මිලියන 900 ක වන්දියකුත් ඉල්ලයි

රාමසානයට ලහිලහියේ සූදානම් වන පකිස්තාන සන්නාලියා

සුද්දා අපෙන් කොපි කළා ද, අපි සුද්දා ගෙන් කොපි කළා ද? දේශසීමා බිඳගෙන යන පොලිස් සාපය

මියැන්මාරයේ තවත් සිවිල් වැසියන් 80 ක් හමුදා වෙඩි තැබීමෙන් මරුට

පිලිප් කුමරු : පිටුවහලෙක්, අවුරුදු 99 ක්, රටවල් 143 ක් සහ එක ප්‍රසිද්ධ බිරිඳක්!

ටයිගර් වුඩ්ස් තිරිංගය වෙනුවට ඇක්සලරේටරය පාගලා – 45 වෙනුවට 87ට ගිහින්!

error: Content is protected !!
error: Content is protected !!