×

මහම්මත්තුමාගේ කාටුන් පෙන්වූයේ යැයි ප්‍රංශ ගුරුවරයෙකුත් මරා දමලා!

ශුද්ධ වූ මොහොමඩ්තුමා ගේ කාර්ටූන තම සිසුන්ට පෙන්වූයේ යැයි හිස ගසා දමා මරා දැමූ ප්‍රංශයේ ගුරුවරයෙකු වෙනුවෙන් දහස් ගණන් දෙනා විරෝධතා පැවැත්වූහ.


සැමුවෙල් පැටී නමැති මෙම ගුරුවරයා සම්බන්ධයෙන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේ ඔහුව මරා දමා තිබෙන්නේ සිය සිසුන්ට අදහස් පළකිරීමේ නිදහස ඉගැන්වූ හෙයින් බවයි.

මේ අතර, ඝාතනයට වගකිය යුතු බව සැලකෙන අබ්දොලක් ඒ (Abdoulakh A) ලෙස හදුන්වන පුද්ගලයකු පොලිසිය විසින් මරා දමා තිබේ. මෙම පුද්ගලයා විසින් සැමුවෙල් පැටී ව ඔහු ඉගැන්වූ පාසල අසලදී ඝාතනය කළ බවට තොරතුරු ලැබී තිබිණි.

සැමුවෙල් පැටී ඝාතනය පිළිබඳ විමර්ශනය තවමත් පැවැත්වෙන අතර, 11 වැනි පුද්ගලයා ද එයට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

මිනීමැරුමෙන් පසුව සැකකරුවා ගේ ළඟ ම ඥාතීන් සිව් දෙනකු රඳවා ගෙන තිබේ. රඳවා තබාගෙන සිටින තවත් සය දෙනෙකු අතර පාසලේ ශිෂ්‍යයකු ගේ පියෙකු ද රැඩිකල් ඉස්ලාම්වාදියකු ලෙස හැඳින්වෙන ධර්මදේශකයකු ද ඇතුළත් ය.

ඝාතනයට ලක් වන විට සැමුවෙල් පැටී 47 හැවිරිදි වියේ පසුවිය. ඔහු ඉතිහාසය ගුරුවරයෙකි.

 

A demonstrator displays on his back a portrait of slain teacher Samuel Paty during a demonstration Sunday Oct. 18, 2020 in Paris. Demonstrations around France have been called in support of freedom of speech and to pay tribute to a French history teacher who was beheaded near Paris after discussing caricatures of Islam’s Prophet Muhammad with his class. Samuel Paty was beheaded on Friday by a 18-year-old Moscow-born Chechen refugee who was shot dead by police. (AP Photo/Michel Euler)

චාලි හෙබ්දෝ සිද්ධියේ නඩුවිභාගය අතරතුර

මේ මිනීමැරුම සිදුවන්නේ, 2015 වර්ෂයේ ජනවාරි මාසයේ ප්‍රංශයේ පළවන උපහාසාත්මක සතිපතා සඟරාවක් වන චාලි හෙබ්දෝ (Charlie Hebdo) විසින් අනාගතවක්තෘ මොහොමඩ්තුමා ගේ කාර්ටූන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එහි කර්තෘ මණ්ඩලය ඝාතනය කිරීමට අදාළ නඩු විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ ය.

2015 වසරේ දී හටගත් Charlie Hebdo සිද්ධියේ දී, මිලියන 1.5ක පිරිසක් පැරිසියේ Place de la République චතුරස්‍රයට එක් ව එම සඟරාවට තම සහයෝගය පළ කළ අතර, මෙවර සැමුවෙල් පැටී ට සහයෝගය පළ කිරීමට ඔවුන් තෝරාගෙන තිබෙන්නේ ද එම ස්ථානය ම වීම විශේෂත්වයකි. විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා ප්‍රංශ අගමැති Jean Castex ද එක් වී සිටියේය.

මෙම ප්‍රහාරයේ ඉස්ලාමික ත්‍රස්තවාදී ප්‍රහාරයක සියලු ලක්ෂණ සහිත බව ද ජනපති මැක්‍රොන් කියා සිටියේය.

This picture taken on September 1, 2020 in Paris shows covers of French satirical weekly Charlie Hebdo reading “All of this, just for that,” to be published on September 2 to mark this week’s start of the trial for 14 accused in January 2015 jihadist attacks in Paris. – Twelve people, including some of France’s most celebrated cartoonists, were killed on January 7, 2015, when brothers Said and Cherif Kouachi went on a gun rampage at the paper’s offices. (Photo by – / AFP) (Photo by -/AFP via Getty Images)

අරාබි අර්ධද්වීපයේ අල් කයිඩා ත්‍රස්තවාදීන් 14 දෙනෙකු මේ ඝාතන සඳහා චෝදනා ලබා තිබේ. චාලි හෙබ්දෝ පුවත්පත ප්‍රංශයේ තවමත් පළ වන අතර, නඩු විභාගය පැවැත්වෙන අතරතුර ද කර්තෘ මණ්ඩලයට නැවතත් නව මරණ තර්ජන ලැබී තිබේ. ප්‍රංශයේ මාධ්‍ය ගණනාවක් විසින් චාලි හෙබ්දෝ වෙත සහයෝගය පළ කරන ආකාරය ද පසුගිය සතියේ දැකගත හැකි විය.

මෙම සැමුවෙල් පැටී ඝාතනය සිදුවන්නේ ද මේ අතරවාරයේ ය.

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි