BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මැලේසියාව කුකුල් මස් අපනයනය නතර කරයි. ආහාර අර්බුධය ඉහළ යයි

කුකුල් මස් හිඟය හේතුවෙන් ජුනි මස මුල සිට කුකුල් මස් අපනයනය නවත්වන බව මැලේසියාව පවසා තිබේ.

මැලේසියානු වෙළඳපොල තුල මෑත මාසවලදී කුකුළු මස් මිල ඉහළ ගොස් ඇති අතර සමහර සිල්ලර වෙළෙන්දන්, මස් පාරිභෝගිකයින්ට කොපමණ ප්‍රමාණයක් මිලදී ගත හැකිද යන්න පිළිබඳව සීමාවන් පනවා තිබේ.

පවතින නිශ්පාදන අර්බුධය නිසා ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කර ඇති අතර ඉන්දුනීසියාව පාම් ඔයිල් අපනයනයද අවහිර කර ඇත.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු දශක කිහිපය තුළ දරුණුතම ආහාර අර්බුදයට ලෝකය මුහුණ දී සිටී.

පසුගිය සඳුදා, මැලේසියාවේ අගමැති ඉස්මයිල් සබ්රි යාකොබ් පැවසුවේ “දේශීය මිල සහ නිෂ්පාදනය ස්ථාවර වන තෙක්” සෑම මසකම කුකුළන් මිලියන 3.6 ක් අපනයනය කිරීම නවත්වන බවයි.

අසල්වැසි සිංගප්පූරුව වෙතින් මැලේසියාවට කුකුළු මස් සැපයුම්වලින් තුනෙන් එකක් පමණ ආනයනය කරයි.සිංගප්පූරුවේ සිට සජීවීව කුකුලන් ආනයනය කරනු ලබයි.මැලේසියාවේ කුකුළු මස් අපනයන තහනම ගෝලීය ආහාර අර්බුදයේ නවතම වර්ධනයයි.

පසුගිය මාසයේ ලෝක බැංකුව අනතුරු ඇඟවූයේ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහල යාමෙන් මිලියන සිය ගනනක් ජනයා දරිද්‍රතාවයට හා අඩු පෝෂණයට ලක්වන බවයි.

යුක්රේනය ලොව ප්‍රධාන තිරිඟු අපනයනකරුවෙකු වන අතර රුසියාව එරට ආක්‍රමණය කිරීමෙන් පසු එහි නිෂ්පාදනය පහත වැටී ඇත.

ඉන්දියාව ප්‍රධාන ධාන්‍ය වර්ග, අපනයනය තහනම් කිරීමෙන් පසු මේ මස මුලදී තිරිඟු මිල නැවතත් ඉහළ ගියේය.

ඉන්දීය රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට තුළ ඇති වූ උණුසුම් කාලගුණයක් හේතුවෙන් නිශ්පාදනයන්හි දේශීය මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යාමෙන් පසුවය.

කල්තබා ගන්නා ආහාරවල සිට සබන් දක්වා වූ සෑම දෙයක් සඳහාම භාවිතා කරන අමුද්‍රව්‍යයේ ඉහළම නිෂ්පාදකයා වන ඉන්දුනීසියාව , ආහාර පිසීමේ තෙල්වල දේශීය මිල ගණන් පහත හෙළීමට තීරණය කර තිබේ.

ඔවුන් එම ද්‍රව්‍ය අපනයනය නතර කළ විට පාම් තෙල් මිල වෙළඳපොල තුල මෑත සතිවල ඉහළ ගියේය.


චීනය හොඳයි, ඇමරිකාව හොඳා…යි, ඒත් චීනයේ බලපෑම් ගොඩා…යි! : බූවල්ලන්ගේ හටනකට මැදිවූ ලෝකය

න්‍යෂ්ඨික අවි ගැන ඇමරිකානු – ඉරාන සාකච්ඡා අසාර්ථකයි?

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ඇවිලෙයි: ඉතිං මට ගානක් වත් නෑ නෙ.. බොරිස් ජොන්සන් කියයි!

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය පෑ තුර්කිය ඒ ගැන සාකච්ඡා කරන්න එකඟ වෙලා!

ත්‍රස්තවාදයට වරදකරු වූ ඇමරිකානු හමුදා සෙබලා – ඊතන් මෙල්සර්

ජනතාවට ආධාර කරන්න මූල්‍ය හැකියාවක් නැහැ. කරුණාකර ජාත්‍යන්තර සහය දෙන්න – තලෙයිබාන්වරු ඉල්ලයි

පුද්ගලයන් 1000කට මරු කැඳවූ ඇෆ්ගන් භූමිකම්පාව …

ගෑස් ගන්න ගිහිං අපිට ගෑස් පෙන්නද්දී ලෙබනනයට ඊජිප්තුවෙන් ගෑස්!

error: Content is protected !!
error: Content is protected !!