BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මුළු ඉන්දියාවටම අඩුව​ට 5G

මෙම ව්‍යාපෘතිය සඳහා Reliance සමාගම විසින් ඩොලර් මිලියන 24.6 ක පමණ මුදලක් ආයෝජනය කර ඇති අතර පෙර පැවති 4G ජාලය මත රඳා නොපවතින ස්වාධීන 5G සේවාවක් නිර්මාණය කිරීම මෙහිදි සිදු ​වේ.

මුකේෂ් අම්බානි නාමය අපට නුපුරුදු නොවන්නට හේතුව වන්නේ මොහු අසල්වැසි ඉන්දියාව තුල ඉතාමත් ප්‍රචලිත ප්‍රකෝටිපතියෙකු වීමයි. පසුගිය දිනක ඉන්දියාවේ පැවති 6 වැනි ඉන්දීය ජංගම දුරකථන සම්මේලනයේදී (India Mobile Congress) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 5G සේවා නිල වශයෙන් ඉන්දියාව තුළ දියත් කරන ලදී.

එම අවස්ථාවට සම්බන්ධ වූ Reliance Industries සමාගමේ සභාපති වන මුකේෂ් අම්බානි පවසා ඇත්තේ 2023 වසර දෙසැම්බර් පමණ වන විට ලෝකයේ අන් සියල්ලන්ටම වඩා දැරිය හැකි මිලකට 5G සේවා ඉන්දියාව තුළ ලබා දිමට කටයුතු කරන බවයි.

Jio 5G සේවා දියත් කිරීමට සමගාමීව මුකේෂ් අම්බානි තවදුරටත් පවසන්නේ මෙම තාක්ෂණය සාමාන්‍ය ඉන්දියානුවන්ට දැරිය හැකි වන මෙන්ම එමගින් උසස් අධ්‍යාපනයක්, නිපුණතාවයන් සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ගම්බද ප්‍රදේශයන් සදහා ද ලබාදීමට මහත් පිටිවහලක් වන බවයි.

ඉන්දියාව අනෙකුත් රටවල් වලට සාපේක්ෂව තරමක් ප්‍රමාද වූවත් ඔවුන් මෙය අවසන් කරන්නේ උසස් තත්ත්වයේ සහ සෑම පුද්ගලයෙකුටම දැරිය හැකි මිලකට ලබා ගත හැකි සේවාවක් සපයමින් බව වැඩිදුරටත් ඔහු විසින් දක්වා ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා Reliance සමාගම විසින් ඩොලර් මිලියන 24.6 ක පමණ මුදලක් ආයෝජනය කර ඇති අතර පෙර පැවති 4G ජාලය මත රඳා නොපවතින ස්වාධීන 5G සේවාවක් නිර්මාණය කිරීම මෙහිදි සිදු ​වේ.


ඉතාලියේ මිලියන 1.3 ක ජනතාවක් නායයෑම්වලට සහ මිලියන 6.8 ක් ගංවතුරෙන් විපතට පත් වීමේ අවදානමක

බෙල්ජියමට එරෙහිව මොරොක්කෝව ලැබූ පාපන්දු තරඟ ජය බ්‍රසල්ස් හි කෝලාහල ඇති කරයි

යුක්රේනයට විදුලිය නොමැති අඳුරු ශීත සෘතුවක්

චීනයේ කොවිඩ් විරෝධී විරෝධතා තුන්වන දිනටත් අඛණ්ඩව; ෂැංහයි හි පොලිසිය සමඟත් ගැටුම්

උතුරු කොරියානු නායකයා ලෝකයේ ශක්තිමත්ම න්‍යෂ්ටික බලය ලබා ගැනීමට අපේක්ෂාවෙන්

කොවිඩ් අගුලුලෑම් වලට එරෙහිව චීනයේ විරෝධතා; විරෝධතාකරුවන් ෂීට ගෙදර යන්න කියයි.

‘දේශගුණිත අර්බුද වලින් විපතට පත් රටවලට චීනයද ආධාර කළ යුතුය’- හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන්

බ්‍රසීලයේ 16 හැවිරිදි ළමයෙකු කරන ලද වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට, 13 දෙනෙකුට තුවාල

error: Content is protected !!
error: Content is protected !!