BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මෙවර වෝග් සගරාවේ කවරය සරසන මලාලා

ඔබ ජීවත්වෙන සංස්කෘතිය ඇතුළෙ ම ඔබට ම, කියල වෙනම අනන්‍යතාවක් පවත්වාගෙන යන්න ඔබට පුලුවන්.

 පාකිස්තානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනී, නොබෙල් සාම ත්‍යාගලාභී, 23හැවිරිදි මලාලා යූසෆ්සායි, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට වෝග් සගරාවේ නවතම කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිටින්නීය.
ඒ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ සඳහන් කර තිබිණි.
“තමන්ටම කියලා අරමුණක්- දැක්මක්-පැහැදිලි අදහසක් තියෙන තරුණ ගැහැනු ළමයෙක්, තමන්ගේ හදවතේ රඳවගෙන ඉදිරියට අරගෙන යන බලය මොනවගේ එකක්ද කියල මම දන්නවා.
මේ කවරය දකින හැම ගෑනු ළමයෙක් ම, ලෝකය වෙනස්කරන්න තමන්ට පුලුවන් බව වටහාගනීවි කියල මම විශ්වාස කරනවා
තව අවුරුදු 10කින් මම මාව කොහොම දකීවිද? හැම රාත්‍රියකදි ම මම මගෙන්ම අහන ප්‍රශ්නෙ ඒකයි. ඇඳේ පැය ගාණක් වැතිරිලා මම හිතනවා, කල්පනා කරනවා, ඊළගට මොකක්ද කරන්නෙ කියල
මම ඊළගට ජීවත්වෙන්නෙ කොහෙද? මම දිගටම බ්‍රිතාන්‍යයේ ම ඉන්නවද? නැත්නම් ආයෙ පකිස්තානයට යනවද? වෙන රටකට යනවද? ඊළගට, මං කා එක්කද ජීවත්වෙන්නෙ? ස්වෝත්සාහයෙන් ස්වාධීන ජීවිතයක් ගතකරනවද? දෙමව්පියන් එක්ක ජීවත් වෙනවද?
ඔබ ජීවත්වෙන සංස්කෘතිය ඇතුළෙ ම ඔබට ම, කියල වෙනම අනන්‍යතාවක් පවත්වාගෙන යන්න ඔබට පුලුවන්.
පරිගණකයේ හරි දුරකතනයේ හරි ස්ක්‍රීන් එකෙන් සිතියමක් දිහ බලාගෙන ඉන්න පුරුද්දක් මට තියෙනවා. එහෙම බලන ගමන් පකිස්තානයට ගොඩ බහින ගුවන්යානයක් මවාගන්න මම කැමතියි…”

‘‘ඒකාධිපතියාට මරණය!‘‘ – උග්‍ර ජල හිඟය සහ පරිසර ප්‍රශ්න ආණ්ඩු පෙරළීමක් දක්වා ගෙන යන ඉරානය

චීනයේ මානව හිමිකම් ගැන කතා කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු වසර 18කට හිරේ !

ඔලිම්පික් කිරුළට ඇමරිකාව චීනය ජපානය අතර දැඩි සටනක්

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් භාගයක් ඉදිරි මාස කිහිපයක් සඳහා ලොක්ඩවුන්

ලන්ඩනයට ගං වතුර – රෝහල් කිහිපයකුත් ජලයෙන් යට වෙයි

ලෝකයේ ධනවත්ම මිනිසාගෙන් CNN පුවත් සේවයේ මාධ්‍යවේදියෙකුට සහ ලෝකයේ කුසගිනි නිවන්නෙකුට ඩොලර් මිලියන 100 බැගින් !

මේ ගෙවා දමන්නේ මිහිමත මිනිසාගේ අවසාන කාර්තුව ද?

මස් මඩුවේ ලියැවෙන – පවුම් ලක්ෂ ගණන්වලට ඔට්ටු දැමූ රේස් අශ්වයන්ගේ වේදනාකාරී අවසානය

error: Content is protected !!
error: Content is protected !!