BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

රටිනුත් එළවා දැමූ ඒකාධිපති මාකෝස්ගේ පුත්‍රයා පිලිපීන ජනතාව විසින්ම ජනපති පුටුවේ හිඳුවයි

ඔහු මිලියන 18 කට අධික පිලිපීනුවන්ගේ විස්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු උප ජනාධිපති ලෙනී රොබ්‍රේඩෝට ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද මිලියන 8.5 ක් පමණි. පිලිපීන PEP පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට ඉදිරිපත් වූ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස්, හිටපු ඒකාධිපති නායකයෙකු වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ එකම පුත්‍රයායි. පිලිපීන ජනාධිපතිවරයා ලෙස කටයුතු […]

ඔහු මිලියන 18 කට අධික පිලිපීනුවන්ගේ විස්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදිනිය වූ හිටපු උප ජනාධිපති ලෙනී රොබ්‍රේඩෝට ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ඡන්ද මිලියන 8.5 ක් පමණි.

පිලිපීන PEP පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට ඉදිරිපත් වූ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස්, හිටපු ඒකාධිපති නායකයෙකු වූ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ එකම පුත්‍රයායි.

පිලිපීන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ෆර්ඩිනැන්ඩ් මාකෝස්ට 1989 වසරේදී රටින් පලායාමට සිදු වූයේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙනි. ජනතාව පීඩාවට පත්කළ ඒකාධිපතියෙකු වූ මාකෝස් හවායිහිදී හෘදයාබාධයක් හේතුවෙන් හවායිහිදී මිය ගියේය.

මාකෝස්ටත් වඩා ජනතා විරෝධය එල්ල වූයේ ඔහුගේ බිරිඳ වූ ඉමෙල්ඩාටයි. ඇය පිලිපීන ජනතාවගේ මුදල් මිලියන ගණන් වැය කරමින් ඉතා සුපිරි ජීවිතයක් ගතකළ අතර සිතූ සිතූ පරිදි ජනතා මුදල් භාවිතා කළේය.

කෙසේ නමුත්, දශක තුනකට මදක් වැඩි කාලයක් ගතවෙද්දී පිලිපීන ජනතාව නැවතත් මාකෝස් පාලනයක් අපේක්ෂා කර තිබෙනවා. බොන්ගේබොන්ග් මාකෝස් 2010 වසරේ සිට 2016 වසර දක්වා පිලිපීන සෙනෙට් මණ්ඩලය නියෝජනය කළ අතර ඊට පෙර 1998 – 2007 කාලසීමාව තුළ ඉලොකෝස් නෝටේ ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණයට සමගාමීව උප ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාද මැතිවරණය පැවැත්වෙන අතර බොන්ග්බොන්ග්ට සහාය පළකරමින් උප ජනාධිපති තරගයට ඉදිරිපත් වූයේ වත්මන් ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන ඉන්ඩේ සාරා ඩුටර්ටේය. ඇය 2010-2013 සහ 2016 සිට මේ දක්වා ඩාවෝ නගරාධිපතිවරිය ලෙස කටයුතු කළාය.

UN for LNW


යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

විජයග්‍රහණයේ සැමරුම දා ‘මනෝවිකෘති ඒකාධිපතියා’ යැයි පුටින්ගේ වෙබ් අඩවියක සඳහන් වීමේ ඇතුළත කතාව

ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

රුසියාව, ෆින්ලන්තයට ලයිට් කපයි!

ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!

පාර්ටිගේට් බෝම්බයෙන් දෙදරායන දක්ෂිණාංශය සහ ලන්ඩනයේ දේශපාලන පෙරළිය

error: Content is protected !!
error: Content is protected !!