එහිදී ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ මෙම යුද්ධය හේතුවෙන් බිලියන 1.6ක ජනතාවක් පීඩනයට පත්වන බවයි.
යුධ ගැටුමේ ප්‍රතිවිපාක පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයේ සඳහන් වුයේ ” ආහාර සුරක්‍ෂිතතාව, බලශක්තිය සහ මුදල් පද්ධතිය කෙරේ යුද්ධයේ බලපෑම දරුණු සහ වේගවත් ය. මෙම යුද්ධය හේතුවෙන් ලෝකය පුරා සිටින මිනිසුන් පෙර නොවූ විරූ සාගින්නකට සහ අගහිඟකම් රැල්ලකට ලක් විය හැකියි. , එය සමාජ හා ආර්ථික ව්‍යාකූලත්වය ඉතිරි කරයි. මේ වසරේ ආහාර අර්බුදය “ප්‍රවේශය නොමැතිකම” නිසා ඇති වූවක් වන අතර , එය ලබන වසරේ “ආහාර හිඟය” දක්වා යා හැකියි. මෙම කුණාටුව නැවැත්වීමට ඇත්තේ එක් මාර්ගයක් පමණි: ඒ යුක්රේනය රුසියානු ආක්‍රමණය අවසන් කළ යුතුය,” ලෙසයි.
කළු මුහුද හරහා යුක්‍රේනයෙන් නිෂ්පාදනය කරන ලද ආහාර , සුරක්ෂිතව සහ ආරක්ෂිතව අපනයනයකිරීමටත් , රුසියානු ආහාර සහ පොහොර සඳහා ගෝලීය වෙළඳපොලවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩ සලසා දීමටත් ඔහු තවදුරටත් සිය මිත්‍ර පාර්ශවීය සගයන්ගෙන් උදව් ඉල්ලා ඇත. මෙම ගනුදෙනුව අප්‍රිකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන සිය ගණනක් ජනතාවට අත්‍යවශ්‍ය වේ, ” ලෙස මහලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කර තිබිණ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් වාර්තාවකට අනුව , ඇස්තමේන්තුගත රටවල් 94කට අයත් අවම බිලියන 1.6 පමණ ජනතාව මෙම අර්බුදයේ එක් මානයකට හෝ දැඩි ලෙස නිරාවරණය ඇත. ඒනමුත් , එයට මුහුණ දීමට ඔවුන් අපොහොසත්ය. බිලියන 1.6 න් බිලියන 1.2 ක් හෝ හතරෙන් තුනක් ජීවත් වන්නේ ‘පරිපූර්ණ-කුණාටු’ සහිත ආහාර හා බලශක්ති යන අවධානම්වලට ලක්විය හැකි රටවලය. එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව මෙම යුද්ධය හේතුවෙන් ආහාර අනාරක්ෂිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 47 කින් වැඩි වූ අතර එය වසර අවසන් වන විට මිලියන 323 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වසර තුළ තවත් අප්‍රිකානුවන් මිලියන 58ක් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි ගණන් බලා ඇති බව කියැවේ. මීට අමතරව මේ වසර අවසාන වන විට මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ පවුල් මිලියන 2.8 කින් අන්ත දරිද්‍රතාවය පත් විය හැක් අතර දකුණු ආසියානු කලාපයේද මිලියන 500 පමණ ජනතාව අවධානමේ අගාධයේ වේ. ආහාර සහ බලශක්තියේ තීරනාත්මක සැපයුම් වඩාත් අවදානමට ලක්විය හැකි අය වෙත ළඟා වීම වෙනුවෙන් උත්සහයන් දැරිය යුතු බව මෙම ලේඛණය තවදුරටත් සඳහන් වේ.
සශිකලා මධුෂාණී