විදෙස් වාර්තා පවසන්නේ බෙලරුස් අගනුවර වන මින්ස්ක් (Minsk) හි පමණක් 140 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
පැවති මහමැතිවරණය දූෂිත එකක් බවට ජනතාව චෝදනා කරති.
නමුත් බෙලරුස් නායක ලුකෂෙන්කෝ (Lukashenko) එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
බෙලරුස් නායක ලුකෂෙන්කෝ
‘ලැජ්ජයි‘, ‘පලයන්‘ වැනි සටන්පාඨ රැගත් වැකි මෙන්ම මල්, බැලූන සහ රතු-සුදු පැහැති විපක්ෂ කොඩි ද මෙහිදී උද්ඝෝෂකයන් අත දැකගත හැකි විය.
පසුගියදා 66 වැනි උපන් දිනය සැමරූ ඇලෙක්සැන්ඩර් ලුෂෙන්කෝව මපට් අනුසාරයෙන් විවේචනය කරන ආකාරය ද මෙහිදී දැකගත හැකි විය.
‘යුරෝපයේ අවසන් ඒකාධිපතියා‘ යනුවෙන් ද ලුකෂෙන්කෝ හැඳින්වේ. අතීත සෝවියට් සංගමයේ රටවල් අතරින් වැඩිම කාලයක් බලයේ සිටි නායකයා බවට ලුකෂෙන්කෝ මේ වසරේ පත්විය.
සෝවියට් සංගමය බිඳ වැටුණු වහාම “Batka‘ හෙවත් ‘තාත්තා‘ යනුවෙන් හැඳින්වුණු ලුකෂෙන්කෝ බටහිර රටවල් සමග යහපත් සබඳතාවක් පවත්වාගෙන යාමට සමත් වුවද සිය රට තුළ ඔහුගේ ඒකාධිපති පාලනයට එරෙහිව විශාල විරෝධයක් ගොඩ නැගී තිබේ. රුසියාව සමග ඉතාම සමීප සබඳතාවක් පවත්වාගෙන යමින් ශක්තිමත් කාර්මික සහ කෘෂිකාර්මික ඵල නෙලාගත් ලුකෂෙන්කෝ විසින් බෙලරුස් රාජ්‍යය ‘කුඩා සෝවියට් සංගමයක්‘ කළ බවට අතීතයේ විශාල ප්‍රශංසාවක් හිමිව තිබිණි.
නිතර රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පෙනී සිටීමට ප්‍රිය කරන ලුකෂෙන්කෝ, ‘ජනතාවගේ මිනිසෙක්‘ ලෙස ප්‍රතිරූපය ගොඩනගාගන්නට ද උත්සාහ කරයි.
නමුත් මෙම විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් ඔහු කියා තිබෙන්නේ කිසිදු විටෙක බලය අත්හැරීමට සූදානම් නැති බව ය.