BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ලොක්ඩවුන් කිරීමේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, චීනයටත් වඩා ඉදිරියෙන් !

කොවිඩ්-19 දැඩි සේ චීනයේ වුහාන් පළාතෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ ජනවාරි මස තුන් වැනි සතියේ පටන් ය. චීනය එයට ප්‍රතිචාර දැක්වූයේ පළාත ලොක්ඩවුන් කරමිනි.

ජනවාරි 23 වැනිදා පළමු වරට වුහාන් පළාත ලොක්ඩවුන් කළ අතර, එය රාත්‍රියේ ක්ෂණිකව ලබාදුන් හදිසි පණිවුඩයකින් පසුව සිදු කෙරුණකි. ගුවන් තොපටුපොළ, දුම්රියපොළ ඇතුළු සියලු ගමනාගමන කටයුතු වහාම නතර කෙරිණ. වුහාන් පළාත්වාසීන්ට සිය නගරවලින් පිටතට යාම තහනම් කෙරිණි.

වුහාන් පළාතේ අගනුවර වන හියුබෙයි, චීනයේ ප්‍රධාන ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයකි. දින කිහිපයක් ඇතුළත චීනයේ තවත් පළාත් ලොක්ඩවුන් කිරීම සිදු විය. මෙහිදී මිලියන 59 ක් (දළ වශයෙන් කෝටි 6 ක්) පමණ වන චීන ජනකායක් ලොක්ඩවුන් තත්වයට පත් වූහ.

අනතුරුව චීනයේ පළාත් 18 අතරින් තෝරාගත් තවත් නගර කිහිපයක් ලොක්ඩවුන් කෙරිණි. පෙබරවාරි මැද භාගය වන විට චීනයේ ලොක්ඩවුන් වී සිටි සමස්ත ජනගහනය මිලියන 233 ක් හෙවත් කෝටි 23 කි.

දැන් මේ කොරෝනා තත්වයට ඉන්දියාව මුහුණ දුන්නේ කෙසේදැයි විමසා බලමු.

කොරෝනා වසංගතය ඉන්දියාව තුළ පැතිරෙන බවට මුල්ම ආරංචිය ලැබුණේ ඔඩිස්සා පළාතෙනි. ඒ අනුව එහි දිස්ත්‍රික්ක 30 ලොක්ඩවුන් කෙරුණු අතර, ඉන්පසුව ප්‍රාන්ත 32 සහ යුනියන් පළාත් ද ලොක්ඩවුන් තත්වයට පත් කෙරිණි. විශාල ප්‍රාන්ත වන උත්තර් ප්‍රදේශ් සහ මධ්‍ය ප්‍රදේශ් මුළුමනින්ම වසා දැමුණේ නැත.

අඟහරුවාදා සවස් වන විට, එනම් අද සවස වන විට ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 493 දෙනෙකු ගැන වාර්තා වේ. Covid-19 නිසා හටගත් සංකූලතා හේතුවෙන් මිය ගිය 9 දෙනා ද මෙයට ඇතුළත් ය.

මේ වන විට ඉන්දියාවේ විවිධ රෝහල්වල කොවිඩ්-19 රෝගීහු 446 ක් සිටිති. වැඩිම රෝගීන් සංඛ්‍යාව වන 107 ක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ජනපදයෙනි.

මේ අනුව, ඉන්ඩියා ටුඩේ වෙබ් අඩවියට ලිපියක් ලියන ප්‍රභාෂ් කේ. දත්තා නමැති මාධ්‍ය වේදියා පෙන්වා දෙන්නේ කොවිඩ්-19 ආසාදන 500 ක් වත් වාර්තා වී නොමැති අවස්ථාවක ඉන්දියාව විසින් දිස්ත්‍රික්ක 600 ක් ලොක්ඩවුන් කිරීම සාධාරණීකරණය කිරීමට අපහසු බවයි. මෙම දිස්ත්‍රික්කවල මිලියන 900 කට අධික ජනතාවක් ජීවත් වෙති. ඉන්දියාවේ මුළු ජනගහනය බිලියන 1.21 කි. වෙනත් වචනවලින් පවසන්නේ නම් මේ වන විට ඉන්දියාවෙන් 75%ක් පවතින්නේ ලොක්ඩවුන් තත්වයේ ය. ආංශික වශයෙන් ලොක්ඩවුන් කර ඇති දිස්ත්‍රික්ක ද සමග සලකා බලන විට මිලියන 1000 ක් එනම්, බිලියනයක පමණ ජනතාවකට මේ ඉරණමට මුහුණ දීමට සිදුව තිබේ.

මෙයට සාපේක්ෂව චීනය, කොරෝනා මරණ 3276 ක් සමග කොරෝනා රෝගීන් 81,600 ක් වාර්තා වන විටද ලොක්ඩවුන් කළේ එරටේ ජනගහනයෙන් 16.5%ක් පමණි. නමුත් ඉන්දියාවේ කොරෝනාවලින් වාර්තා වී ඇති හානිය එයට සාපේක්ෂව අවමයක් ව තිබියදී ද මේ ප්‍රතිශතය 82.5%කි.

මේ අතර, ඉන්දියාව ද ලොක්ඩවුන් කිරීම සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පනවන ආකාරයට සමානව ය.(හර්නායා සහ පංජාබ් ප්‍රාන්ත සඳහා නිල වශයෙන්ම ඇඳිරි නීතිය පනවා තිබේ) එහිදී අත්‍යාවශ්‍ය දෙයකදී හැර එහිදී නිවෙස්වලින් පිට වීම තහනම් ය. නමුත් චීනයේ වුහාන් පළාතේ වැසියන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සෑම දින 2කට වරක් සිය නිවෙස්වලින් පිටතට යාමට අවසර ලබා දී තිබිණි.

මේ දත්ත විසින් සැබවින්ම පෙන්වා දෙන්නේ කුමක්ද? ලොක්ඩවුන් කිරීමේදී ජනයාගේ යාම් ඊම් කිරීමේ නිදහස ඇතුළු අයිතිවාසිකම් රැසක් සීමා වේ. හදිසි තත්වයකදී මානව හිමිකම් ගැන කතාකිරීම නිෂ්ඵල දෙයක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඉතිහාසය පුරා අප දැක තිබෙන්නේ හදිසි තත්වයකදී මුලින්ම අතුරුදන් වී යන්නේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් බව ය. අද දිනයේ ආහාර පාන මිලදී ගැනීම සඳහා කොළඹ නගරයේ තිබූ පෝලිමට වඩා දිගු පෝලිම් ඔසුසල් අසල දක්නට ලැබිණි. මෙය එක් උදාහරණයක් පමණි.

ලොක්ඩවුන් කිරිමේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව, චීනයටත් ඉස්සරහින් යැයි ද ඒ නිසා ඔබට කියන්නට පුළුවන.


ගෝලීය කොරෝනා මරණ ගණන 50,000 සීමාව පසුකරයි – කොවිඩ් -19 හමුවේ අද ලෝක සිතියම

ඉන්දියාවේ කොරෝනා වසංගතය පුපුරා යාවිද?

කොවිඩ්-19 : ඕස්ට්‍රේලියාවෙන් සුබ ආරංචියක්

ලෝකය … මිලියනයක් කොරෝනා ආසාදිතයින් අභියස

ස්ටාර් වෝර්ස් හී මේජර් – ඇන්ඩෲ ජැක් කොරෝනා වෛරසය වැළඳීමෙන් මෙලොව හැරයයි

ඩොනල්ඩ් ට්‍රම්ප් අතිශය ප්‍රීතියෙන්…. – මෝඩයාගේ දවසේ විශේෂාංගය

දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිසුණුම ඛේදවාචකය අද උදා වී ඇත – එක්සත් ජාතීන්

‘‘දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දුන් විශාලතම අර්බුදය කොවිඩ්-19 යි.‘‘ – UN මහ ලේකම්

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!