ලොක්ඩවුන් වීම කොයිතරම් සැපක්දැයි බෙකම්ගෙන් ඉගෙන ගන්න !
පාපන්දු ලෝකයේ නොමැකෙන නමක් මෙන්ම විලාසිතා තරුවක් ද වන ඩේවිඩ් බෙකම් දැන් 45 හැවිරිදි ය.

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිය බාලම දියණිය සමග ඩේවිඩ් බෙකම් ලොක්ඩවුන් ජීවිතය සැපසේ ගත කරන අන්දමයි. ඉන්ස්ටර්ග්රෑම් වෙත එක් කර ඇති මේ ඡායාරූපය මේ වන විටත් වයිරල් වෙමින් තිබේ.
තවමත් සුපිරි තරුවක් වන ඩේවිඩ් බෙකම්, සිය පවුලේ ලොකු පුතා හැර සෙසු අය සමග අති සුවපහසු ජීවිතයක් මේ ලොක්ඩවුන් සමයේදී ගෙවමින් සිටියි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඔහු සිය බාල දියණිය වන 8 හැවිරිදි හාපර් සහ පවුලේ සුනඛ සුරතලුන් දෙදෙනෙකු සමග තැනිතලාවක ගත කළ නිමේෂයකි.
කුණාටු ගැන ඉඟි කරන වළාකුළු තැනිතලාවට ඉහළින් රැඳී තිබියදී ඔවුන් උණුසුම් ජැකට්ටුවලින් සැරසී සිටින්නේ යුරෝපයට ශීත සෘතුව උදා වී ඇති බැවිනි.
පහත දැක්වෙන්නේ ඩේවිඩ් බෙකම්ගේ පවුලේ ඡායාරූපයකි. ඔහුගේ පුතුන් තිදෙනාම දැන් ඉලන්දාරින් ය. මේ ඡායාරූපයේ වම්පස සිටින ලොකු පුතා බෘෘක්ලින් පමණක් මේ වන විට ඔවුන් සමග නැත. ඔහු සිය පෙම්වතිය සමග ලොස්ඇන්ජලීස් නුවරට ගොස් සිටින අතරතුර එහිදී කොවිඩ් වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් වී සිටියි.
ප්රීතිමත් පවුල් ජීවිතය නිසාම මේ වන විට ඩේවිඩ් බෙකම්, අතීතයේ ස්පයිස් ගර්ල්ස් ගායිකාවක වූ සහ වර්තමානයේ විලාසිතා නිර්මාණ සමාගමක අයිතිකාරිය වන වික්ටෝරියා බෙකම් පමණක් නොව, ඔහුගේ දූ දරුවන් ද මේ වන විට ලෝකයේ ජනප්රිය තරු බවට පත්ව සිටිති.
45 හැවිරිදි ඩේවිඩ් බෙකම්, 46 හැවිරිදි වික්ටෝරියා බෙකම් සිය දරුවන් වන රොමියෝ, කෘෘස් සහ හාපර් සමග මේ ලොක්ඩවුන් සමය ගත කරන්නේ එංගලන්තයේ කොස්ට්වොල්ඩ්ස් හි පිහිටා තිබෙන පවුම් මිලියන 6 ක් වටිනා මන්දිරයේ ය.