ඉකොනොමිස්ට් බුද්ධි ඒකකය Economist Intelligence Unit (EIU)විසින් 2022 වසරේ ලොව ජීවත් වීමට සුදුසුම නගරවල වාර්ෂික ශ්‍රේණිගත කිරීම මේ වන විට නිකුත් කර ඇත.
මෙහිදී සෞඛ්‍ය රැකවරණය, අපරාධ අනුපාත, දේශපාලන ස්ථාවරත්වය, යටිතල පහසුකම් සහ හරිත අවකාශයට ප්‍රවේශය ඇතුළු විවිධ සාධක මත ලොව පුරා නගර 173ක් මෙලෙස ශ්‍රේණිගත කරනු ලැබීය.
සමස්ත ගණනය කිරීම් වලින් ප්‍රථම ස්ථානය ලැබුවේ වියානාවයි. CNN ට්‍රැවල් විසින් 2021 දෙසැම්බරයේ යුරෝපයේ සිසිල් අගනුවර ලෙස ප්‍රකාශ කළ කෝපන්හේගන්, ගෝලීය ජිවත් වීමේ දර්ශකයේ දෙවන ස්ථානය ලබා ගෙන ඇත. සූරිච් තුන්වන ස්ථානයට පැමිණියේය.
පසුගිය වසරේ ජයග්‍රාහකයා වූ නවසීලන්තයේ ඕක්ලන්ඩ් 2022 වසරේ පළමු 10 දෙනාගෙන් ඉවත් වී 34 වැනි ස්ථානයට පත් විය. ශ්‍රේණිගත කිරීම් වලින් ඔස්ට්‍රේලියාව වඩාත් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත. මීට ඉහත ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටි මෙල්බන් මෙවර 10 වන ස්ථානය දක්වා පහත වැටී ඇත. 2021 වසරේ පළමු රටවල් දස දෙනා අතර වූ බ්‍රිස්බේන්, ඇඩිලේඩ් සහ පර්ත් සියල්ලම මෙවර පිලිවලින් 27, 30, 32 යන ස්ථාන ලබාගෙන ඇත.
මේ තත්වයන් පිළිබඳ “වසංගතයට පෙර අපගේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටි නගර ඔවුන්ගේ ස්ථාවරත්වය, හොඳ යටිතල පහසුකම් සහ සේවා මෙන්ම විනෝදජනක විවේක ක්‍රියාකාරකම්වල පිටුපසින් නැවත නැගී ඇත,” දර්ශකයේ කතුවරුන් CNN වෙත වාර්තා කර තිබුණේ.
සශිකලා මධුෂාණී_
ඡායාරූප : CNN