මෙම පරීක්ෂණ කණ්ඩායමේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උපත ලද භෞතික විද්‍යාඥයෙකු වන ආචාර්ය රංග ඩයස්ය.
මෙයට පෙර සුපිරි සන්නායකයක් සඳහා වූ ඉහළම උෂ්ණත්වය වාර්තාවූයේ ෆැරන්හයිඩ් අංශක 8ක් (-13.3 oC) වන අතර එය සොයාගෙන ඇත්තේ ජෝන් වොෂින්ටන් විශ්ව විද්‍යාලය හා වොෂින්ටන් වල කානගී ආයතනයේ විද්‍යාඥයන් පිරිසකි.
මේ ළඟා කරගත් කාමර උෂ්ණත්වයේ ඇති සුපිරි සන්නායකතාවයේ එක් බරපතළ සීමාවක් පවතී. එනම්, එය ක්‍රියාත්මක වන්නේ ආසන්න වශයෙන් පෘථිවි අභ්‍යන්තරය තරම් අතිශය ඉහළ පීඩනයක් තුළ දී පමණකි. එබැවින් මෙම ප්‍රතිඵලය අපගේ ප්‍රායෝගික යෙදීම් සඳහා නුදුරේදීම භාවිතා කළ හැකි නොහැකි. එහෙත් භෞතික විද්‍යාඥයෝ, මෙය අඩු පීඩනයකදී සාමාන්‍ය උෂ්ණත්වයෙන් ක්‍රියාකරන සුපිරි සන්නායකට මඟ පාදා වී යයි බලාපොරොත්තු වෙති. “මෙය වැදගත් සන්ධිස්ථානයක්” රෝමයේ සපින්යා විශ්වවිද්‍යාලයේ පරිගණක භෞතික විද්‍යාඥයෙකු වන හොසේ ෆ්ලෝරන්ස්-ලිවස් පැවසූවේය. ඔහු මෙයට පෙර ඉහළ උෂ්ණත්වයකදී සුපිරි සන්නායක ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන ආකෘති නිර්මාණය කර ඇති නමුත් ඒවා මෙම ව්‍යාපෘතියට සෘජුව සම්බන්ධ නොවීය.
“තව වසර කිහිපයකින් අපට සෙල්සියස් අංශක 27 දී සුපිරි සන්නායකතාව ලබාගත හැකිවේවි”
ඔහු තවදුරටත් පැවසුවේ ය.
කාමර උෂ්ණත්වයේ පවතින සුපිරි සන්නායක යනු විදුලිය ශුන්‍ය ප්‍රතිරෝධයක් යටතේ විශේෂ විශේෂ සිසිලනයකින් තොරව ගෙන යා හැකි, මෙතෙක් විද්‍යාඥයින් සිහින මැවූ විස්මිත ද්‍රව්‍යයකි. මෙමඟින් අතිවිශාල ශක්තියක් ඉතිරි කළ හැකි අතර විදුලිබල ජාලයන්හි විප්ලවීය වෙනසක් ඇති කළ හැක. උදාහරණයක් ලෙස දැනට පවතින ට්‍රාන්ස්ෆෝමර්,විදුලි මෝටර් හා විදුලි ජනක යන්ත්‍ර ප්‍රමාණයෙන් කුඩාවටත් ලාභදායීව හා වඩාත් කාර්යක්ෂමව නිපදවීමටත් මෙයින් හැකි වනු ඇත. එසේම කාමර උෂ්ණත්වය ඇති සුපිරි සන්නායක ශක්තිමත් චුම්බක චුම්භක ක්ෂේත්‍ර දරා ගැනීමට හැකිවන සේ සෑදූ වුවහොත්, ඒවා ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් දිගු කාලයකට ගබඩා කළ හැකි ද්‍රව්‍යයක් බවට පත්වේ. එමඟින් සුළං ටර්බයින හා විදුලි කෝෂවල ජනනය වන විදුලිය වඩා කාර්යක්ෂම ගබඩා කල හැක.
මෑතක් වනතුරුම සුපිරි සන්නායක ගුණ ලබා ගැනීමට ද්‍රව්‍යයක් ඉතාමත් පහළ උෂ්ණත්වයන්ට සිසිල් කිරීමට සිදු වී තිබෙන අතර දශක ගණනාවක් තිස්සේ කාමර උෂ්ණත්වයේ ඇති සුපිරි සන්නායක යනු ළඟාකර ගත නොහැක්කක් සේ පෙනුණි. එහෙත්, පසුගිය වසර පහ තුළ ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් කිහිපයක් මේ සිහිනය ළඟා කර ගැනීමට මෙය පරීක්ෂණාගාර තුළ නිර්මාණය කිරීමේ තරඟයක නිරත වී තිබේ.
The superconductivity laboratory at the University of Rochester, New York.Credit- Adam Fenster
ආචාර්ය රංග ඩයස් සහ පරීක්ෂණ කණ්ඩායම එකමුතුව කාබන් හා සල්ෆර් එකට එක අනුපාතයෙන් මිශ්‍ර කර කුඩා බෝල වන තෙක් මිශ්‍රණය අඹරා දියමන්ති දෙකක් අතර මෙම බෝල රඳවා හයිඩ්රජන් වායුව එන්නත් කර ඇත. සංයෝගයේ සල්ෆර් අණු අතර බන්ධනය බිඳීමට ලේසර් කිරණ එය වෙත පැය කීපයක් එල්ල කර තබා තිබේ. එමඟින් පද්ධතියේ රසායනය හා ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරීත්ව වෙනස් කර ඇත. මෙහිදී ඇතිවන ස්ඵටිකය අඩු පීඩනයන්හිදී ස්ථායි නොවුණත් එය සුපිරි සන්නායකතාවයකින් යුක්තයි. ඉහළ පීඩනයේදී පවා මෙම ස්ඵටික ඉතා කුඩා වන අතර ඒවායේ විශ්කම්භය මීටරයකින් මිලියන 30ක් පමණ වේ. තවමත් මෙම සංයෝගය නිසියාකාරවම කුමක්ද, එය කෙලෙස වැඩ කරන්නේ දැන් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැත. නමුත්, පර්යේෂකයෝ මෙම සංයෝගය අධ්‍යනය කිරීමට නව මෙවලමක් සංවර්ධනය කරමින් සිටිති. එවැනි මෙවලමක් මඟින් අඩු පීඩනය දී පවා සුපිරි සන්නායකතාවක් ලබාගැනීමට සංයෝගය වෙනස් කරගත හැකි වේවි යැයි ඔවුහු අපේක්ෂා කරති.
ආචාර්ය රංග ඩයස් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව හා ගණිතය සම්බන්ධව මූලික උපාධිය හදාරා පසුව ආචාර්ය උපාධි සඳහා ඇමරිකා එක්සත් ජනපදයයේ වොෂින්ටන් ජාතික විශ්ව විද්‍යාලයට බැඳුනෙකි. එහිදී ඔහුගේ විෂය ක්ෂේත්රය වූයේ අත්‍යන්ත ඝනීභූත පදාර්ථ භෞතික විද්‍යාවයි (Extreme condensed matter physics). එසේම ඔහු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිල්වෙරා විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරියෙකු ලෙස කටයුතු කර ඇත. දැනට ඔහු රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ සහකාර මහචාර්යවරයෙකු ලෙස ක්‍රියාකරයි. මෙයට පෙරද ඔහු හයිඩ්රජන් ලෝහයක් මෙන් ක්‍රියා කරන ඝන අවස්ථාවට පත් කිරීම මගින් ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇත.
– උදාරි පෙරේරා
මුලාශ්‍ර:
https://www.nature.com/articles/d41586-020-02895-0
https://www.technologyreview.com/2020/10/14/1010370/room-temperature-superconductivity/
https://scholar.harvard.edu/dias/bio