රිපබ්ලිකන් පක්ෂය දිගින් දිගටම චෝදනා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයේ කොරෝනා වසංගතයේ සත්‍ය තොරතුරු, විශේෂයෙන්ම සංඛ්‍යා ලේඛන වසං කළ බවට ය.
මේ අනුව COVID-19 වසංගතය කළමනාකරණය කළ ආකාරය සම්බන්ධයෙන් WHO අධ්‍යක්ෂ ටෙඩ්‍රෝස් ආදනම් ගේබ්‍රියසස් (Tedros Adhanom Ghebreyesus) ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කෙරේ.
Fox Business සමග සාකච්ඡාවකට එක්වෙමින් මෙම රිපබ්ලිකන් සෙනෙට් සාමාජිකාව පළ කළ අදහස් තුළ ඇගේ චීන අගතිගාමී බව කදිමට ගැබ්ව තිබිණි.
‘‘මම කිසිදාක කොමියුනිස්ට්කාරයෙක්ව විශ්වාස කරල නෑ. චීනයෙන් සම්භවය වුණු මේ වෛරස් එක ඇමරිකාවේ සහ ලෝකය පුරා අනවශ්‍ය මරණ සිදුකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ව වසං කිරීම නතර කළ යුතුයි. මං හිතන්නෙ ටෙඩ්‍රොස් අස් වෙන්න ඕනෙ..“
මීට පෙර රිපබ්ලිකන් පක්ෂයේම සෙනෙට් සභිකාවක් සහ චීනය පිළිබඳ බද්ධ වෛරයෙන් යුතුව ප්‍රකාශ නිකුත් කරන රික් ස්කොට් විසින් පවසා තිබුණේ ඇමරිකානු කොංග්‍රසය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි. ‘‘ලෝක සෞඛ්‍ය සංවිධානය කොමියුනිස්ට් චීනයේ වරද වසාගන්න උදව් කරනවා..‘‘ යැයි ද එහිදී ඇය චෝදනා කර තිබිණි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරන්නේ තමන් හැම විටම නීත්‍යානුකූල දත්ත යොදාගන්නා බවයි.