පසුගිය පාර්ලිමේන්තුවේ අර්ඩ්න්ගේ කම්කරු පක්ෂයට හිමිව තිබූ ආසන සංඛ්‍යාව 46 ක් වූ අතර එම ප්‍රමාණය මෙවර 64 ක් දක්වා වැඩි කිරීමට නවසීලන්තය ඡන්දදායකයන් කටයුතු කර තිබේ.
කම්කරු පක්ෂයට ලැබුණු මෙම ආසන 64 අතරින් එක් ආසනයක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් සමත්ව තිබෙනවා. වනුෂි සිතන්ජලී වෝල්ටර්ස් නම් වූ ඇය නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා වේ.
ඔක්ලන්ඩ්හි Upper Habour ඡන්ද බල ප්‍රදේශය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටී.
ඇය, මෙරට ව්‍යවස්ථාදායකය නියෝජනය කළ දෙවැනි කාන්තාව වන නේසම් සරවනමුත්තු මහත්මියගේ සහ කොළඹ මහ නගර සභාවේ පළමු නගරාධිපතිවරයා වූ රත්නජෝති සරවනමුත්තු මහතාගේ මී මිණිපිරියක් වීම ද විශේෂත්වයකි.
1981 වසරේ ශ්‍රී ලංකාවේදී උපන් වනුෂි පස් හැවිරිදි වියේදී නවසීලන්තය වෙත ගොස් තිබෙන්නේ සිය දෙමව්පියන්ද සමගිනි.
මානව හිමිකම් නීතිඥවරියක වන වනුෂි ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනයේ වසර 09 ක් පමණ කටයුතු කර තිබෙනවා.
UN