BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

වසර දෙකක විවේකයකින් පසු නැවතත් ඇරඹෙන බ්‍රිතානයේ Glastonbury උළෙල

Megan Thee Stallion, Olivia Rodrigo, Pet Shop Boys, St. Vincent, Lorde, The Libertines, Kacey Musgraves, Leon Bridges, Herbie Hancock සහ තවත් කලාකරුවන් දුසිම් ගණනක් Glastonbury උළෙලට මේ සති අන්තය(22-26) තුළදී එක් වනු ඇත.

බ්‍රිතාන්‍යයේ විශාලතම සංගීත ප්‍රසංගය හෙවත් Glastonbury උළෙල මේ සති අන්තයේ සතර දිගින් පැමිණෙන මිනිසුන් එකට එකතු කරමින් සිටියි.

වසංගතය හේතුවෙන් වසර දෙකක විවේකයකින් පසු, Glastonbury උත්සවය සඳහා විශාල ජනකායක් නැවත ඉංග්‍රීසි ගම්බද කලාපය වෙත පැමිණ ඇත තවදුරටත් පැමිණීනෙනු ඇතැයි අනුමාන කර ඇති පිරිස් ද බොහෝය. සංගීත ප්‍රභේද සහ පරම්පරා ගණනාවක් පුරා මෙම වසරේ උත්සව පෙළගැස්ම විහිදී ඇත. Billie Eilish, Kendrick Lamar සහ Paul McCartney මෙම උත්සවයේ ප්‍රමුඛතම කලාකරුවන් ලෙස කටයුතු කරන අතර Diana Ross, Sunday Legends විශේෂාංගය සඳහා වේදිකාවට පිවිසෙනු ඇත.

මීට අමතරව Megan Thee Stallion, Olivia Rodrigo, Pet Shop Boys, St. Vincent, Lorde, The Libertines, Kacey Musgraves, Leon Bridges, Herbie Hancock සහ තවත් කලාකරුවන් දුසිම් ගණනක් Glastonbury උළෙලට මේ සති අන්තය(22-26) තුළදී එක් වනු ඇත.

එක් එක් කලාකරුවන් සිය ඉදිරිපත් කිරීම් සිදු කරන වේලාවන් මෙම දිගුව භාවිතයෙන් නැරඹිය හැක. එක්සත් රාජධානියේ ඇතුළත, උත්සවය BBC One, Two, Three සහ Four ඔස්සේ විකාශය කෙරේ. ලෝකයේ වෙනත් රටවල් සඳහා එය BBC Music YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැක.


ජපානයට ඉහළින් දියත්වන උතුරු කොරියානු මිසයිල

ස්වදේශික ඇමරිකානු ක්‍රියාකාරිකයෙකු වූ සචීන් ලිට්ල්ෆෙදර් මිය යයි.

ප්ලාස්ටික් හා ජපානය ?

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

හයිටියේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ; මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළට

නේටෝ රටවල් නවයක ජනාධිපතිවරු යුක්රේනයට මිලිටරි ආධාර වැඩි වශයෙන් ලබා දෙන මෙන් නේටෝවෙන් ඉල්ලයි.

බ්‍රසීලයේ වම දකුණ පැටළේ

ලෙබනන් හා ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව මැදිහත් වන ලකුණු

error: Content is protected !!
error: Content is protected !!