×

‘‘ශ්‍රේෂ්ඨාධිකරණයට කාන්තාවක් පත් කරනවා..-මොකද මම කාන්තාවන්ට ගොඩක් කැමතියි!‘‘ – ට්‍රම්ප් කිරි කළයට ගොම මුසු කරයි!

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස් වු ආසනයක් සඳහා තමන් පත් කරන්නේ කාන්තාවක් යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.


පසුගියදා අභාවප්‍රාප්ත වූ කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය රූත් බැඩර් ජින්ස්බර්ග් වෙනුවට මෙම පත්වීම සිදුකරන බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ  කළේය.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමග මීළඟ අනුප්‍රාප්තික කාන්තාව කවුරු විය හැකිද යන්න මෙන්ම, ට්‍රම්ප් කාන්තාවන්ට නිසිතැන ලබාදෙන්නේය යන ප්‍රතිරූපය ගැන ද වාද විවාද ඇති වී තිබේ.

විශේෂයෙන්ම ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකරන්නේ ඇමරිකානු ජනාධිපතිවරණයට සති කිහිපයක් තබා ය.

තවද ඔහුගේ ප්‍රතිවාදියා වන රිපබ්ලිකන් අපේක්ෂක ජෝ බයිඩන්, මෙම පත්වීම සිදුකිරීමට ජනාධිපතිවරණය පසුවන තෙක් සිටින ලෙස ද ප්‍රකාශ කර තිබේ.

නමුත් ට්‍රම්ප් පැවසුවේ, ‘ප්‍රමාදයකින් තොරව‘ මෙය සිදුකරන බවයි.

කෙසේ නමුත් උතුරු කැරොලිනාවේ ෆයැට්විල් හි රැළියකදී ට්‍රම්ප් මේ බව නිවේදනය කළ ආකාරය ඉතා වැදගත් ය.

ඔහු පැවසූ සම්පූර්ණ වාක්‍යය මෙසේ ය.

“I think it should be a woman because I actually like women much more than men.”

‘‘මම හිතන්නෙ (පුරප්පාඩුවට පත් කළ යුත්තේ) කාන්තාවක් විය යුතුයි. මොකද, මම ඇත්තටම පිරිමින්ට වඩා ගොඩක් ගැහැණුන්ට කැමතියි..‘‘

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය කොතරම් ක්‍රම විරෝධී, ස්ත්‍රීපුරුෂ භේදය ඉස්මතු කරන සහ හාස්‍යජනක ද යන්න ගැන මේ වන විට ඇමරිකානු දේශපාලන වේදිකාවේ විශාල සංවාදයක් ඇති වෙමින් තිබේ.

කවුද මේ  කීර්තිමත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය, රූත් බැඩර් ජින්ස්බර්ග් ?

සවිස්තරාත්මක ලිපියක් බලාපොරොත්තු වන්න…

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි