BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ශාක අකුරට වැඩ කිරීම අරඹයි – CO2 උරාගැනීම අඩු කරයි !

අප තුරුවලට ආදරය කරන්නේ නැත. ඒවාට නිදහසේ වැවෙන්නට දෙන්නේ ද නැත. නමුත් ජීවයේ පෙණහැල්ල බවට පත්වී ඒවා අපට කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් ලබාදිය යුතු යැයි අපි කොන්දේසි විරහිතව සහ අසාධාරණ ලෙස විශ්වාස කරමු.

නමුත් දැන් තුරු ලතා අපට පාඩමක් ඉගැන්වීමට පටන් ගෙන තිබේ. ඒවා ‘අකුරට වැඩ කිරීම‘ ආරම්භ කර ඇතැයි ද කියන්නට පුළුවන. මහා සදාහරිත තුරුගොමු අප දෙස උපහාසයෙන් බලමින් මෙසේ කියනවා වැන්න…‘‘හොඳ වැඩේ තොපිට….!‘‘

එක අවුරුද්දකට කාබන්ඩයොක්සයිඩ් ගිගාටොන් 3 ක් !

මිහිමත ඇති ශාක වැස්ම විසින් වර්ෂයකට කාබන් ඩයොක්සයිඩ් ගිගාටොන් 3 ක් අවශෝෂණය කර ගනියි. වෙනත් වචනවලින් කියන්නේ නම්, වැඩිපුරම මිනිස් ක්‍රියාකාරකම්වලින් වායු ගෝලයට එක් වන කාබන්ඩයොක්සයිඩ්, වසරකට ගිගාටොන් 3 බැගින් වායුගෝලයෙන් ඉවත් කර ඒ වෙනුවට පිරිසිදු ඔක්සිජන් වායුව ලබාදෙයි. එවිට මිනිසුන් වන අප කරන්නේ කුමක්ද? වසරකට කාබන් ඩයොක්සයිඩ් ගිගා ටොන් 11 බැගින් පිට කිරීමයි.. මේ සමීකරණය කිසිසේත්ම සමතුලිත නැත.

එනිසා කළ යුතුව තිබෙන්නේ වැඩි වැඩියෙන් පැළ සිටුවීම එසේත් නැතිනම් රුක් රෝපණය යැයි අපි සිතුවෙමු. නමුත් අපේක්ෂිත ඉලක්කය කරා ළඟා වීමට ලෙහෙසි නොවනු ඇත.

එයට හේතුව වී තිබෙන්නේ, කලාපීය වනාන්තරවල කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමේ හැකියාව සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව සොයාගැනීමයි.

වෙනත් ආකාරයකින් කියන්නේ නම් මෙහිදී ශාක, කාබන් ඩයොක්සයිඩ් උරාගන්නවා වෙනුවට, ‘කාබන් ප්‍රභවයන්‘ බවට පත් වනු ඇත.

මේ බව මුලින්ම හෙළි කෙරුණේ මාර්තු 4 වැනිදා පළ කෙරුණු ‘නේචර්‘ ජර්නලය මගිනි.

ඒ අනුව, උදාහරණයක් වශයෙන්, වසර 2035 වන විට ‘පෘථිවියේ පෙණහැල්ල‘ යැයි විරුදාවලි ලත් ඇමසන් වැසි වනය, කාබන් ප්‍රභවයක් බවට පත්වීමට නියමිත ය. ඒ ඉරණම් ගමන ඉක්මන් කර තිබෙන්නේ ලැව්ගිනි, කාන්තාරකරණය සහ හරිතාගාර වායු විමෝචනය විසිනි.

Africa’s wooded Ivindo National Park in central Gabon. – Kath Jeffery

වසර 30 ක් – ගස් 300,000 ක්

වසර 30 ක් මුළුල්ලේ අප්‍රිකානු නිවර්තනය සහ ඇමසන් වනය ආශ්‍රිතව අප්‍රිකානු සහ යුරෝපියානු විද්‍යාඥයන්ගෙන් සමන්විත අන්තර්ජාතික සම්මේලනයක් මගින්, ලීඩ්ස් සරසවියේ අනුග්‍රහය ඇතිව මෙම පර්යේෂණය සිදු කර තිබේ. එහිදී ඔවුන් සොයාගන්නේ සම්ප්‍රදායික දේශගුණික ආකෘතිවලින් නිවර්තන කලාපීය වැසි වනාන්තර කාබන් උරාගන්නා අවශෝෂක ලෙස ක්‍රියා කරතැයි අනුමාන කර තිබූ ආකෘතීන් වැරදී ගොස් ඇති බවයි. ඒ වෙනුවට, ඒවා විසින් කාබන් ඩයොක්සයිඩ් උරාගැනීම, සෑහෙන පමණකින් අඩු කර තිබේ. ඒ සඳහා ගස්වල ලක්ෂ 3 ක කාබන් බර මැනීම ඔවුන් විසින් නොකඩවා සිදු කර තිබිණි.

මෙසේ ශාක අකුරට වැඩ වැරීම ට හේතුව ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, ශාකවලට දැරීමට නොහැකි තරමට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම් ඉහළ ගොස් තිබීමයි.

පත්‍ර ඝන කරගෙන අහක බලාගනිති!

ශාක විද්‍යාඥයන් විසින් මෙහිදී නිරීක්ෂණය කර තිබෙන්නේ, වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යන විට ශාක විසින් සිය පත්‍රවල ඝනකම වැඩි කර ගන්නා බවයි. මේ අතර, මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එක් වන CO2 මට්ටම් වාර්ෂිකව ඉහළ යන විට ඒවා විසින් කාබන්ඩයොක්සයිඩ් උරාගන්නා කාර්යක්ෂමතාවය අඩු වන බව සොයාගනු ලැබීය!

ඉලක්කය 2030

මේ අනුව අපට දැන් කළ හැක්කේ කුමක්ද? මෙම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, වසර 2030 වන විට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම 50%කින් කපා හැරීම හැර අපට වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ දිග කතාව, ලිහිල් බසින් සහ කෙටියෙන් කියන්නේ නම් මෙසේ ය.

අපේ කෙණහිලිකම් හමුවේ ශාක අහක බලාගෙන බොහෝ කල් ය. අප කොතරම් අමනෝඥදැයි කියන්නේ නම් තුරු අහක බලාගෙන ඇති බව පවා අප දැන සිටියේ නැත. ඒ නිසා දැන් අපටම අපව බලාගන්නට සිදුව තිබේ!

The Amazon rainforest at dawn in Brazil. – Peter Vander Sleen

 

Cover Photo: The Amazon rainforest in Brazil : Getty Images


මහම්මත්තුමාගේ කාටුන් පෙන්වූයේ යැයි ප්‍රංශ ගුරුවරයෙකුත් මරා දමලා!

ඇමරිකාව, ත්‍රස්තවාදී ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරයි

වනුෂි වෝල්ටර්ස් – නවසීලන්ත පාර්ලිමේන්තුව ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා

MURALI 800: මුරලිගේ චරිතය රඟපෑමට සිටි විජේ සේදුපති ඉවත් වෙයි

ලොව වැඩිපුරම LGBT ප්‍රජාවේ සාමාජිකයන් සිටින පාර්ලිමේන්තුව බවට නවසීලන්ත පාර්ලිමේන්තුව පත් වේ

‘‘අපි නුඹව ගෙදර යවනවා!‘‘ – ට්‍රම්ප්ගේ ජනපතිකම අවසන් කිරීමට කාන්තාවෝ වීදි බසිති

ඇමරිකානු ජනාධිපතිවරණය නිසා ෆේස්බුක් නීති දැඩි වේ – ප්‍රචාරණ දැන්වීම් ලක්ෂ 22 ක් ඉවතට

වසංගතයක් අවසාන වන්නේ කොහොමද? කෝවිඩ්-19 කවදා අවසන් වේවිද?

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!