මෙම සංඛ්‍යාව දළ වශයෙන් මිලියන කාලකට සමාන වේ.
මෙයට හේතු වී තිබෙන්නේ ඉඩ්ලිබ් පළාතේ ගැටුම් උත්සන්න වීමයි. මේ වන විට සිරියානු හමුදාව, රුසියානු ගුවන් හමුදාව සමග එක්ව ඉඩ්ලිබ් පළාත තුළ දැඩි ප්‍රහාර දියත් කරමින් සිටියි.
ඉඩ්ලිබ් පළාතේ සිරියානුවෝ මිලියන 3 ක් ජීවත් වෙති.
ජගත් සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය (UNOCHA) මේ බව හෙළි කරන්නේ සිරියාවේ තත්වය පිළිබඳ සිය නවතම තත්ව වාර්තාවේ ය.
එම සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න..
‘‘මේක කරන්න එපා!“ යැයි ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ඉඩ්ලිබ් පළාතේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් පවසා තිබිණි. එහිදී බෂර් අල් අසාද් විසින් මෙහෙයවනු ලබන සිරියානු රෙජීමයට, රුසියාවට මෙන්ම ඉරානයට ද මෙම වාතාවරණය සම්බන්ධයෙන් සිය දෝෂාරෝපණය එල්ල කරයි.
එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ ‘සිරියානු සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමන බව හෝ මරණය වෙත දක්කන බව‘ ය.
මේ අතර සිරියානු ආණ්ඩුව පවසන්නේ තමන්ගේ ඉලක්කය සිවිල් වැසියන්ට හානි කිරීම නොව ත්රස්තවාදීන් මර්දනය කිරීම බවයි.
ඉඩ්ලිබ් පළාතේ සටන් | Al Jazeera
දැනට පවතින තත්වය අනුව ඉදිරි සති කිහිපය තුළ තවත් සිවිල් වැසියන් දහස් ගණනක් අවතැන් භාවයට පත් වනු ඇතැයි සැක පළ කෙරේ.
ජගත් සංවිධානය පවසන්නේ මෙසේ සිය රට තුළම අභ්‍යන්තර වශයෙන් අවතැන් භාවයට පත් වීම සිරියාව තුළ රැල්ලක් මෙන් සිදුවෙමින් පවතින බවයි.
අවතැන් ජනතාව පල්ලි, ගරාජ සහ විවාහ උත්සව ශාලාවල රැඳී සිටින බව ද ජගත් සංවිධානය ප්‍රකාශ කරයි.
මේ අතර, තවත් දහස් සංඛ්‍යාත සිරියානුවන් පිරිසක් සිය නිවෙස්වලින් බැහැර වීමට ද බිය වී සිටින්නේ ගුවන් ප්‍රහාරවලට ලක් වේ යැයි බියෙනි.
2019 අප්‍රේල් සිට අගෝස්තු අතර කාලය තුළ සිරියානුවන් ලක්ෂ 4 ක් අවතැන් වී ඇති බව වාර්තාවල දැක්වේ.
‘‘ඉඩ්ලිබ් පළාත ක්‍රමයෙන් මළවුන්ගේ නගරයක් බවට පත් වෙමින් තිබෙනවා..‘‘ යැයි මේ අතර ගළවා ගැනීමේ මෙහෙයුම්වල නිරත සුදු හෙල්මට් සංවිධානයේ ( White Helmets) ස්වෙච්ඡා සේවකයෙකු සඳහන් කළේය.
‘‘මිනිසුන් ශීත සෘතුව නිසා භ්‍රාන්ත වී සිටිනවා. දින කිහිපයකින් මෙහි ධ්‍රැවාසන්න ප්‍රදේශ තරම් සීතලක් ඇති වෙනවා. කාන්තාවන් සහ දරුවන් එයට ඔරොත්තු නොදෙනු ඇති…“
Cover Photo: Midleast Eye