මෙය ඉතිහාසයේ පළමු වරට එවැනි අවස්ථාවකට එළඹෙන පෙර නිමිත්තක්.
පසුගිය 09 වැනිදා ඊට අදාළ අවබෝධතා ගිවිසුම අතසන් තැබිණි.
ඒ රුසියාවේ, රොස්කොස්මක් (Russian space agency Roscosmos) යන අභ්‍යාවකාශ ආයතනය සහ චීනයේ ජාතික අභ්‍යාවකාශ ආයතනය (The China National Space Administration – CNSA) අතරයි.
පසුගියදා අභ්‍යවකාශ ඒජන්සි දෙකේ ප්‍රධානීන් දුරකථන සංවාදයක් මගින් පවත්වන ලද උත්සවයකදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
මෙය ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය වශයෙන් ඉදිරියෙදී හැඳින්වේවිෙ. නමුත් මේ වන තෙක් නිශ්චිතව තීරණය කර නැත්තේ මෙම පර්යේෂණාගාරය සඳ මත හෝ එහි කක්ෂය මත ස්ථාපිත කරනවද යන්න පිලිබඳව.
මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මිනිසුන්ගෙන් තොර පර්යේෂණාගාරයක්. ඉදිරියේ මෙම පර්යේෂණාගාරය නව පර්යේෂණ රැසකට මග පෙන්වාවි.
කෙසේ වෙතත් නාසා විසින් මෙහෙයවනු ලබන චන්ද්‍ර ගවේෂණ සඳහා රුසියාව, එක්සත් ජනපදය ප්රමුඛ ආටෙමිස් ගිවිසුමට අත්සන් නොකළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ 2020 දී ප්‍රකාශයට පත් කරන ලද ආටෙමිස් වැඩසටහන යටතේ නාසා විසින් පළමු කාන්තාව සහ ඊළඟ පුරුෂයා 2024 වන විට සඳ මතට ගොඩබැස්සවීමට සැලසුම් කර තිබිණි.
සහන් හේවාගමගේ