ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ ගණන දැන් 20,000 ක් !
මේ වන විට ස්පාඤ්ඤයේ විසි දහසක් දෙනා කොවිඩ් වසංගතයට ගොදුරු වී මරණයට පත්ව ඇති බව අලුත්ම වාර්තා පෙන්වා දෙයි. එම සංඛ්‍යාව 20,043 කි.
මේ අනුව මරණ සංඛ්‍යාව අතින් ස්පාඤ්ඤය දෙවැනි වන්නේ ඉතාලියට සහ ඇමරිකා එක්සත් ජනපදයට පමණි.
ගතවූ පැය 24 ඇතුළත ද ස්පාඤ්ඤයෙන් මරණ 565 ක් වාර්තා විය. එය පෙර දිනයේ පැවති මරණ 585 ට වඩා මදක් අඩු අගයකි.
රට තුළ සිටින ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 2 ක ට ආසන්න ය. එනම්, 191,726 කි.
සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යන ලෙසට ස්පාඤ්ඤ වැසියන්ට දැඩි සේ අවවාද කර තිබෙන අතර, අවමංගල්‍ය කටයුතුවලදී ද මෙය අනිවාර්ය කර තිබේ.