×

සිරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැතිට වසර 14ක තවත් සිර දඬුවමක්!

අද (17) දින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් නියෝග කර ඇත.


රෂිකා හෙන්නායක , ජනවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (17) දින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් නියෝග කර ඇත.

මෙම තීරණය ලබා දී ඇත්තේ, ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද දිනදී කැඳවූ අවස්ථාවේදීය. මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකෙයි. 

පාකිස්තානයේ, ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිටත් සිරගතව සිටින අයෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි