ඉරානයේ දකුණු දිග පළාතේ අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 21ක් මරුමුවට පත්ව ඇති අතර තිදෙනෙකු අතුරුදන්ව ඇති බව රජය විසින් නිවේදනය කර තිබේ. පසුගිය සිකුරාදා සිට ඇද හැලුණු අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් එස්ටාබාන් ප්‍රාන්තය මධ්‍ය කොටස ගංවතුරට ලක් වූ බව ඉරානයේ රාජ්‍ය පුවත් ඒජන්සිය විසින් වාර්තා කර තිබේ.
ග්‍රීෂ්ම සෘතුවේ සති අන්තයේදී පැවැති උණුසුම් කාලගුණය හේතුවෙන් බොහෝ පවුල් ගංඟා ආශ්‍රිතව හා විල් ආශ්‍රිතව සුව පහසු සිසිලසක් සොයා ගොස් තිබුණු අවස්ථාවක මෙම ගංවතුර තත්වය ඇතිව තිබේ. පළාතේ ප්‍රධාන ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව විසින් රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබුණේ ගංවතුර හේතුවෙන් අවතැන‍්වූ පුද්ගලයන් 55 දෙනෙකුගේ ජීවිත බේරාගනු ලැබූ බවත් දිගේ ගිලී තිබූ වාහන 15කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමට නොදුන් බවත්ය.
ඉරානය පසුගිය දශකය පුරා නියඟ හා ගංවතුර තත්වයන්ට නැවත නැවත මුහුණ දෙමින් ඇත. ඉරානය 2019 වසරේද අධික ගංවතුර තත්වයකට මුහුණ දෙනු ලැබූ අතර ඉන් සිදුවූ ජීවිත හානි ප්‍රමාණය 76කි. ඉන් ඇස්තමේන්තු කරන ලද විනාශය ඩොලර් බිලියන 2ක් පමණ වෙ බව ඉරාන රජය පවසා තිබේ.
විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් නියඟය, අධික වර්ෂාව සහිත කුණාටු ආදී තත්වයන් ඉදිරියේදී ඇති වීමේ සම්භාවිතාවය වැඩි බවයි.
සශිකලා මධුෂාණී_