ඩොමිනිකන් ජනරජයේ විදේශ ඇමති රොබර්ටෝ අල්වාරෙස් ට්විටර් හි මේ සම්බන්ධ නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය වසර දෙක තුළ හයිටියේ කප්පම් සඳහා පැහැරගැනීම් ඉහළ ගොස් තිබේ. හයිටි හි මානව හිමිකම් පිළිබඳ විශ්ලේෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව(Haiti’s Center for Analysis and Research on Human Right), පුද්ගලයන් 1,200 කට වැඩි පිරිසක් මෙසේ පසුගිය වසරේ පැහැරගෙන ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 81 දෙනෙකු විදේශ ජාතිකයින්ය.
හයිටියේ බලවත්ම පැහැරගැනීමේ කල්ලියක් වන 400 Mawozo, Guillén යන කණ්ඩායම් මෙවැනි පැහැරගැනීම් ඇතුළු බොහෝ පැහැරගැනීම් පිටුපස සිටින බව සැලකේ.
Carlos Guillén පැහැර ගැනීම සම්බන්ධව 400 Mawozo කල්ලිය සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම කල්ලියට එරට අගනුවරට නැගෙනහිරින් Croix-des-Bouquets ප්‍රදේශයේ බලකොටුවක් ඇති අතර, රාජ්‍ය තාන්ත්‍රික Guillén පැහැර ගන්නට විය.
400 Mawozo කල්ලියේ නායකයා එක්සත් ජනපදයට පිටුවහල් කර පැය කිහිපයකට පසු මෙම රාජ්‍ය තාන්ත්‍රිකයා නිදහස් කිරීම සිදුවිය.
එම කල්ලියේ ප්‍රධානියා Germine Joly වන අතර, ඔහු මේ වන විට Port-au-Prince හි බන්ධනාගාරයක රඳවා සිටී.
පසුගිය වසරේ එක්සත් ජනපදයේ සහ කැනඩාවේ සිට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරිවරුන් 17 දෙනෙකු පැහැරගෙන යාම පිටුපස සිටින බවට නායක ජොලිට චෝදනා එල්ල වේ.
හයිටියේ ජනාධිපති ජොවනෙල් මොයිස් කුලී හේවායන් විසින් ඝාතනය කරන ලද පසුගිය ජූලි මාසයේ සිට හයිටියේ මෙම කප්පම් කල්ලි ශක්තිමත් වී ඇත.