×

හාවි වෙයින්ස්ටයින්ට කොරෝනා!

ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරු වී වසර 23 ක සිර දඬුවමක් විඳිමින් සිටින අපකීර්තිමත් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක හාවි වෙයින්ස්ටයින් කොරෝනා වසංගතයට ගොදුරු වී තිබේ.


ඔහු මේ තත්වයට ගොදුරු වුණේ නිව්යෝක් නුවර රිකර්ස් අයිලන්ඩ් හි බන්ධනාගාරයේදී ය.

ඒ අනුව ඔහු ව වහාම නිරෝධායනය වෙත යොමු කර ඇති අතර, බන්ධනාගාර නියාමකයන් කිහිප දෙනෙකු ද නිරෝධායනය වෙත යොමු කර තිබේ.

67 හැවිරිදි හාවි වෙයින්ස්ටයින්, අවසාන භාගයේ නඩු විභාගය සඳහා අධිකරණයට පැමිණියේ ද රෝද පුටුවෙනි.

හාවි වෙයින්ස්ටයින්ගේ චිත්‍රපට සමාගම වූයේ සුප්‍රකට මිරමැක්ස්-Miramax සමාගමයි. එමගින් හෙවන්ලි ක්‍රීචර්ස් සහ ශේක්ස්පියර් ඉන් ලව් (1998) වැනි අතිශය සාර්ථක චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය කරනු ලැබිණි. නමුත් මෙම චිත්‍රපට සඳහා නිළියන් තෝරාගැනීමේදී ඔහු විසින් ඔවුන්ට විවිධාකාරයේ ලිංගික බලහත්කාරකම් සහ දූෂණ සිදුකළ බවට 2017 ඔක්තෝබර් මාසයේ පටන් චෝදනා රැසක් නැගෙන්නට විය. මෙම චෝදනා සමග ඔහුව ඔස්කාර් කමිටුවෙන් ද නෙරපා හරින ලදී.

ලොව පුරා ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රචණ්ඩත්වය පිළිබඳ #MeToo සමාජ ව්‍යාපාරය බිහිවූයේ හාවි වෙයින්ස්ටයින්ට එරෙහිව එවැනි කාන්තාවන් 80 දෙනෙකු පමණ චෝදනා කිරීමත් සමග ය. මෙයින් සමාජයේ ඇති වූ රැල්ල/බලපෑම “Weinstein effect” හෙවත් වෙයින්ස්ටයින් ආචරණය යනුවෙන් ද හැඳින්විණි.

අවසානයේ එවැනි ස්ත්‍රී දූෂණ සිදුවීම් 5ක් පිළිබඳ නඩු පවරනු ලැබූ අතර, 2020 පෙබරවාරි 24 වැනිදා ඒ අතරින් 2කට ඔහු වරදකරු බව තීන්දු කෙරුණේ වසර 23 ක සිර දඬුවමක් ද සමග ය.

Cover Photo: Variety

පෙර ලිපි

ස්ත්‍රී දූෂණ චෝදනා හේතුවෙන් හාවි වෙයින්ස්ටයින් ට වසර 23 ක සිර දඬුවමක්
#MeToo ස්වීඩනයේ පාසල් විෂය මාලාවට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි