BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

හිරෝෂිමාවේ ශෝකාන්තය : න්‍යෂ්ටික බෝම්බ හෙළා අදට වසර 77ක්

ලිට්ල් බොයි නම් TNTටොන් 20,000ක පුපුරන ද්‍රව්‍ය බලයකින් සමන්විත න්‍යෂ්ටික බෝම්බය අද වන් දිනට හිරෝෂිමාවට ඉහළ අහසෙන් පතිත වූ අතර නගරය සමතලා කරමින් හටගත් විශාල පිපිරුමෙදී එකෙනෙහිම පුද්ගලයින් 80,000ක් මියගිය බව විශ්වාස කෙරේ. ඉන් පසු එළඹුණු දින, සති හා මාස ගණන තුළදී විකිරණ විෂ වීමෙන් හටගත් තුවාල හේතුවෙන් තවත් දස දහස් ගණනක් මිය ගියහ.

ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡතම මානව සංහාරය ලෙස සැලකන්නේ හිරෝෂිමාවට පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමයි. 1945 අගෝස්තු මස 9 වන දිනක මේ සමූහ විනාශය සිදු වූ අතර, අද දින සමරන්නේ එහි 77වන සංවත්සරයයි.

දෙවන ලෝක යුධ සමයේ ජර්මනියේ ප්‍රධානම මිතුරා වූයේ ජපානයයි. ජර්මනිය රුසියාව ආක්‍රමණයෙන් පසු ලැබූ අන්ත පරාජයත් සමඟ ඔවුන්ගේ කීර්තිය වියැකී යන්නට වූ අතර ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවලට බලවත් තර්ජනයක්ව පැවැතියේ ජර්මනියට පසු ජපානයයි. ජපානය විසින් ලෝක ඉතිහාසයේ දරුණුම මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙස එක්සත් ජනපදයේ පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරයයි. මීට අමතරව චීනයට සිදුකල ආක්‍රමණයන්, ලෝක ඉතිහාසයේ දරුණුම මෙන්ම අති බිහිසුණු සිද්දි දාමයක් වන නැන්ජින් සංහාරය හෙවත් අහිංසක චීන දරුවන්, කාන්තාවන් ඉතාමත් ම්ලේච්ඡ ලෙස දූෂණය කල, අහිංසක ජනතාව ලක්ෂ ගණනක් සමූල ඝාතනයට ලක්වුනු සිදුවීම් දාමය හේතුවෙන් ජපානය පිලිබදව මිත්‍ර හමුදාව හා සෝවියට් හමුදාව අතර පැවතුනේ ඉතාමත් දැඩි පිලිකුලකිනි. මෙවැනි තත්වයක් තුළ ජපානයට අවනත වන ලෙස කරන ලද යෝජනා සියල්ල හිරෝහිතෝ අධිරාජ්‍යා ප්‍රතික්ෂප කළ අතර අවසන් ජපන් යුධ භටයා දක්වා සටන් කරන බවට ඔහු දිවුරා සිටින ලදි.

මේ නිසා ජපානය මෙල්ල කල හැකි පහසු මෙන්ම වේගවත් ක්‍රමයක් පිලිබදව ඇමරිකානු බුද්ධි අංශ හා යුධ කමිටුවේ අවධානය යොමු වූ අතර ඒ අනුව යමින් පරමානුක ආයුධ සංවර්ධන වැඩසටහනක් දියත් කළ අතර එය මෑන්හැටන් ව්‍යාපෘතියයි (Manhattan Project)නමින් හැඳින්විණි. මෑන්හැටන් ව්‍යාපෘතිය හා ඒහා බැදුනු ව්‍යාපෘති සමූහයක් ඔස්සේ එක්සත් ජනපදය පරමාණුක බලගැන්වීම් පිලිබදව පර්‍යේෂණ ගණනාවක් සිදුකල අතර පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීම සදහා මූලික වැඩපිලිවෙලක් සකස් කරන්නට විය. ප්ලූටෝනියම් බෝම්බයක් පිළිබඳ පළමු සාර්ථක පරීක්ෂණය සාර්ථක වීමත් සමඟ යුද්ධයේ ඉක්මන් අවසානයක් සියලු දෙනා අපේක්ෂා කළ හෙයින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජේම්ස් බර්න්ස් (James Francis Byrnes) පරමාණුක බෝම්බයක් මගින් මෙහි අවසානයක් දැකීම පිලිබදව මුල් වරට යුධ කමිටුවට අදහස් පල කරන්නට විය.

ඒ අනුව ලිට්ල් බොයි නම් TNTටොන් 20,000ක පුපුරන ද්‍රව්‍ය බලයකින් සමන්විත න්‍යෂ්ටික බෝම්බය අද වන් දිනට හිරෝෂිමාවට ඉහළ අහසෙන් පතිත වූ අතර නගරය සමතලා කරමින් හටගත් විශාල පිපිරුමෙදී එකෙනෙහිම පුද්ගලයින් 80,000ක් මියගිය බව විශ්වාස කෙරේ. ඉන් පසු එළඹුණු දින, සති හා මාස ගණන තුළදී විකිරණ විෂ වීමෙන් හටගත් තුවාල හේතුවෙන් තවත් දස දහස් ගණනක් මිය ගියහ. එම ප්‍රහාරයෙන් වුවද ජපානයේ යටත්වීමක් නොදුටු තැන දින තුනකට පසු ‘ෆැට් මෑන්’ නමින් හැඳින්වුණු තවත් බෝම්බයක් කිලෝමීටර 420ක් පමණ දකුණින් වූ නාගසාකි වෙත හෙළිණි.

ඇස්තමේන්තු කරන ලද මරණ වලට අනුව 350,000 ක් වූ හිරෝෂිමාවේ ජනගහනයෙන් 140,000ක් මියගිය අතර නාගසාකි හි මියැදුණු සංඛ්‍යාව අවම වශයෙන් 74,000 කි. පරමාණු බෝම්බ ප්‍රහාරයට පෙර නගරයේ ජනගහනය 340,000-350,000 අතර විය. දලවශයෙන් නගරයේ ගොඩනැගිලිවලින් 70%ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර තවත් 7%ක් දරුණු හානි වලට ලක්විය. හිරෝෂිමාවේ ප්‍රහාරයෙන් එහි රෝහල් 45ක් පමණ විනාශ වුනු අතර නගරයේ රැදී සිටි වෛද්‍යවරුන් හා හෙදියන් 90%ක් ජීවිතක්ෂයට පත්විය. නාගසාකි නගරයේද සිදුවූයේ එවන් දෙයකි. මේ නිසා බොහෝ වින්දිතයන් බොහෝ ප්‍රමාණයක් ප්‍රතිකාර ලැබීමට ස්ථානයක් නොමැතිව මිය යන ලදි.

බෝම්බ ප්‍රහාර වලින් වසර 6කට පමණ පසුව මෙම නගර වල ලියුකේමියා රෝගන්ගේ සීඝ්‍ර වර්ධනයක් දකින්නට ලැබෙන අතර එය විකිරණවල බලපෑම හේතුවෙන් සිදු වන්නක් බව පසුව සොයා ගැණින. ජීවිතය ගලවා ගැනීමට සමත් වූ බොහෝ තරුණියන්ට දරුවන් නොමැති වූ අතර ගබ්සාවීම් බහුලව මෙම නගර වල වාර්තා විය. පරමාණු බෝම්බ වලින් නිකුත් වුනු විකිරණ වලට ගොදුරු වී පසුකාලීනව උපන් දරුවන් විශාල ප්‍රමාණයක් විවිධ ජාන විකෘති වීම් හා ආබාධයන්ට ලක්වුනු නිසා මෙහි විනාශයේ ප්‍රමාණය නිවැරදිව තක්සේරු කල නොහැක.

අදටත් මෙම නගර වල මෙම බෝම්බ ප්‍රහාරයේ බලපෑම නිසා අපහසුතාවයන්ට හා ආබාධයන්ට ලක්වූ ජනයා දකින්නට ලැබීම ඉතාමත් කනගාටුවට කරුණකි. ප්‍රහාරයෙන් අවතැන් වූ කිසිදු පවුලකට සහන සැලසීමට ජපානයට හැකියාවක් නොතිබුණු එම බෝම්බ ද්විත්වය ආසියාව තුළ යුද්ධය හිටි අඩියේ නතර කිරීමට සමත් විය. 1945 වසරේ අගෝස්තු 14 වෙනිදා ජපානය මිත්‍ර හමුදාවලට යටත් විය. ඉන් අනතුරුව ජපානයට වසර ගණනාවක් යනතුරු සම්භාදක හා ජාත්‍යන්තර තහංචි රැසකට මුහුණ දීමට සිදු විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජයග්‍රාහී කණ්ඩායම විසින් ජපානය අත්පත්කරගෙන සිටි කාලය තුලදී, හිරෝෂිමා නගරයේ විනාශය දැක්වෙන ඡායාරූප සහ පරමාණු බෝම්බ ප්‍රහාරය පිලිබඳ පරීක්ෂණ කල කොමිසමේ වාර්ථා ලෝක ප්‍රජාවට හෙලිකිරීම වාරණය කර තිබුණි. එම වාරණය ඉවත් වූයේ ජපානයට ස්වයං පාලන බලය ලබාදුන් 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම ගිවිසුමින් පසුවය. යුද්ධයෙන් අනතුරුව සාමයේ නගරයක් වශයෙන් තමන් යළි ගොඩ නැගීමට උත්සාහ දැරූ හිරෝෂිමා නගරය මේ වන විට ලොව පුරා න්‍යෂ්ටික අවිහරණය ප්‍රවර්ධනයේ යෙදී සිටී.

අදත් හිරෝෂිමා හි ඝණ්ටා හැඬවුණේ ලොව පළමු න්‍යෂ්ටික බෝම්බය හෙළීමේ 77 වෙනි සංවත්සරය සැමරීමට ය. මිය ගිය අය හා ඉන් විපතට පත් වූවන් වෙනුවෙන් මෙහිදී ශෝකය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් වීඩියෝ පටයක් මඟින් සියලු ජාතීන්ගෙන් ඉල්ලා සිටියේ බෙදීම් විනාශයක් ඇති කරන බවත්. සාකච්ඡාවෙන් තොර අවදානම විසින් සිදු කරනු ලබන්නේ ඉවසීමකින් තොර උපායමාර්ගික න්‍යෂ්ටික තරගයකට ලෝකය නැවත යොමු කිරීමක් බවයි. න්‍යෂ්ටික අවදානම මුලිනුපුටා දැමීමේ එකම මාර්ගය නම් න්‍යෂ්ටික අවි මුලිනුපුටා දැමීම බව ඔහු නිවේදනය කර තිබිණ.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය සිදුකල විනාශය කිසිසේත් සාධාරණීකරණය කල නොහැකිවා මෙන් ම ජපානයට පරමාණු බෝම්බ හෙළමින් කරන ලද විනාශයද කිසි සේත්ම සාධාරණ නොවේ.

සශිකලා මධුෂාණී_


සාපලත් දේශයක ජීවිතය සොයන දරුවන්

ලෝකප්‍රකට බ්‍රසීලයේ ජියු ජිට්සු ශූරයාට වෙඩි.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

ගිණිගෙන දැවෙන ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට

අලුත් බෝතලයකට පරණ වයින් දැමීම හෙවත් කිෂිදාගේ නව ධනවාදය

ඉන්දු-චීන දේශසීමාවේ එක්සත් ජනපදය, ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සහභාගී වේ.

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

ධවල මන්දිරයටත් හෙණ වදියි.

error: Content is protected !!
error: Content is protected !!