×

අදට අපට වසර 3 කි ! – තුති මල් මිට පාඨක ඔබට ය!

www.outboundtoday.com/ - අවුට්බවුන්ඩ් ටුඩේ අපට අදට වසර 3 කි.


අප මේ කරමින් සිටින්නේ ජනප්‍රිය දෙයක් නොවේ. අප ලියන්නේ ගොසිප් නොවේ. එනිසා අපේ ගමන දුෂ්කර ය. එනිසාම, අප සමග රැඳී සිටින ඔබ, අපට ද වඩා ප්‍රඥාවන්ත ය. ඔබ වන් ප්‍රඥාවන්තයන් ඒකරැස් කර ගැනීම අපගේ අධ්‍යාසයයි.

සැමවිටම ඔබ අපට වඩා ඉදිරියෙන් සිටියි. අප මාධ්‍යකරණයේ නියැළෙන්නේ හුදු පුවත් වාර්තාකරණයෙන් ඉක්ම යමිනි. උඩුගම් බලා යන මේ ගමන විටෙක විඩාබර ය. විටෙක දුෂ්කර ය. එහෙත් ඔබ අප කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා අපි ඒ සත්කාර්යය ඉටු කරන්නෙමු.

ඔබ එසේ අප සමග රැඳී සිටින්නේ ඔබේ ප්‍රඥාවේ සහ ප්‍රේමයේ මහිමයෙනි.

පංක දුර්ග, ගිරි දුර්ග හා වනදුර්ග මැදින් මේ අසීරු ගමන අප යන්නේ ඔබ සපයන ධෛර්යයේ සහ දයාවේ අත්වැලෙනි. රැල්ලට ගසාගෙන නොයමිනි. අපට අවශ්‍ය ප්‍රඥාවේ පහන් දල්වා මිත්‍යාවේ ඝනාන්ධකාරය දුරු කිරීම ට ය.

තෙවසරක කාලය තුළ ඔබ අප අතනෑර සිටීම ගැන අපගේ කෘතඥතාවය පිළිගන්න!

දිගටම අප හා රැඳී සිටින්න.

හෙට එච්චර කළුවර නැති බව පමණක් අපට කිව හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි