×

අද, ඔක්තොම්බර් 12 වැනිදා – දවසේ වැදගත්කම

අද දවසේ වැදගත්කම සහ ඉතිහාසයේ අද වැනි දිනෙක සිදුවූ වැදගත් සිදුවීම් පෙළක් කෙටියෙන්


  • ලෝකයේ සම්භාවනීයම ඔපෙරා ගායකයෙකු සේ සැලකෙන ලුසියානෝ පවරොත්ති, ජනප්‍රිය නළු  හියු ජැක්මන් සහ තහනම් උත්තේජක ගත් බවට චෝදනා ලැබ ඔලිම්පික් පදක්කම් අහිමි කරගත් මලල ක්‍රීඩිකා මේරියන් ජෝන්ස් ගේ උපන් දිනය යි.
  • බ්‍රසීලය ළමා දිනය සමරනු ලබන්නේ අද යි.

1492 – ක්‍රිස්ටෝපර් කොලොම්බස් කැරිබියානු දූපත්වලට අයත් බහමාස් වෙත පා තබයි.

History Todyay

1773 – ඇමරිකාවේ ප්‍රථම මානසික රෝහල විවෘත වෙයි. මෙය වර්ජිනියා ප්‍රාන්තයේ, විලියම්ස්බර්ග්හි පිහිටි ඊස්ටර්න් ස්ටේට් රෝහල යි.

1799 – පැරෂුටයක සිට පැනීම කළ ප්‍රථම කාන්තාව බවට ජිඈන් ජෙනිවියර් ලැබ්‍රොස් පත් වෙයි.

1871 – බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවේ “අපරාධකාරී ගෝත්‍ර පනත” (Criminal Tribes Act) ක්‍රියාත්මක කරති. මෙයින් බොහෝ දේශීය ජන කණ්ඩායම් “අපරාධකාරී ගෝත්‍ර” බවට නම් කෙරිණ.

1900 – ප්‍රථම නූතන සබ්මැරීනය එක්සත් ජනපද නාවික හමුදාව විසින් USS Holland යන නමින් භාවිතයට ගනු ලබයි. එය එලෙස නම් කරනු ලැබූවේ එය නිර්මාණය කළ ජෝන් පිලිප් හොලන්ඩ්ට උපහාර වශයෙනි.

1901 – ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් ඇමරිකාවේ “විධායක මන්දිරය” (Executive mantion) “ධවල මන්දිරය” (White House) ලෙස නම් කරයි.

 

ධවල මන්දිරය එදා

පෙර ලිපි

එදා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි