×

අද ඔක්තෝබර් 16 – දවසේ වැදගත්කම

ලෝක නිර්වින්දන දිනය සහ ලෝක ආහාර දිනය අද යි. තෙවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල සූරතාව දිනාගත් ටෙනිස් ශූරිය නයෝමි ඔසාකා ගේ උපන්දිනය යි.


ලෝක සිතියමේ අද වැනි දවසක…

පළමු ලෝක යුද්ධයට පෙර ලොව විශාලම සටන – ලිප්සිග්

Battle of Leipzig

1813 – පළමු ලෝක යුද්ධයට පෙර ලොව විශාලතම සටන ලෙස සැලැකෙන ලිප්සිග් හි සටනෙහි දී නැපෝලියන් ගේ හමුදා පෘසියාව, ඔස්ට්‍රියාව සහ රුසියාව හමුවේ පරාජයට පත්වේ.

ජේන් අයර්

1847 – ලෝක ප්‍රසිද්ධ නවකතාවක් වන ජේන් අයර්, ලන්ඩනයේදී ප්‍රකාශයට පත් වෙයි.

1916 – හෙදියක වූ මාගරට් සැන්ගර් එක්සත් ජනපදයේ ප්‍රථම උපත් පාලන සායනය බෲක්ලින්හි දී අරඹයි.

හිට්ලර්ගේ කතාව

1919 – ජර්මානු කම්කරු පක්ෂය අමතන ඇඩොල්ෆ් හිට්‍ලර් සිය ප්‍රථම කතාව සිදු කරයි.

වෝල්ට් ඩිස්නි බිහි වෙයි

1923 – වෝල්ට් ඩිස්නි සමාගම පිහිටුවනු ලබයි. එය ආරම්භ කළේ වෝල්ට් ඩිස්නි සහ ඔහුගේ මිතුරු රෝයි විසිනි.

මාවෝ සේතුංගේ හැතැක්ම 6000 ක පෙළපාලිය

1934 – මාවෝ සේතුං ගේ 25,000ක් සේනාව ඓතිහාසික හැතැක්ම 6000 ක් දිග පෙළපාලිය ආරම්භ කරයි.  චීනයේ දකුණු කොටසේ සිට එහි උතුරට සහ බටහිරට ගමන් ගත්තේය. මෙම පෙළපාලිය චීන ජාතිකත්ව පක්ෂයේ ලුහුබැදීමෙන් වැළකී පළා යාමට ය. කොමියුනිස්ට්වාදීන්ගේ පරම නායකයා ලෙසට මාවෝ සේතුං පිළිගැනුණේ මෙම සිදුවීමෙන් පසුව වූ අතර, මෙය The Long March යනුවෙන් හඳුන්වයි.

යසුනරි කවබතා ඉතිහාසගත වෙයි

1968 – සාහිත්‍යය සදහා වන නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම ජපන් ජාතිකයා බවට යසුනරි කවබතා පත් වෙයි.

වසූරිය අවසන්

1975 – ස්වභාවික ව වැළඳෙන වසුරිය වැළදුණු අවසාන තැනැත්තිය බවට බංගලාදේශයේ තුන් හැවිරිදි රහිමා බානු බෙගම් පත්වෙයි. මාරක වසූරිය රෝගයෙන් පීඩා විඳි අවසන් තැනැත්තිය බවට ඇය පත්වූයේ වසූරිය සඳහා ශ්‍රීමත් එඩ්වඩ් ජෙනර් විසින් එන්නතක් සොයාගැනීමත් පසුව ය. මේ අනුව එන්නත් (වැක්සින ඉතිහාසයේ) නොමැකෙන නමක් බවට රහීමා බානු පත් වෙයි. පහත දැක්වෙන්නේ වසර 2000 දී (වසර 25කට පසු) ගනු ලැබූ ඇගේ ඡායාරූපයකි.

Last smallpox major case. Image 2 of 2. This is Rahima Banu, photographed in 2000 with her baby, 25 years after she contracted one of the last known natural infections of smallpox. Her case was reported on 16 October 1975 in Bangladesh. Smallpox is a potentially fatal infection by the Variola virus. Banu contracted the more deadly form, Variola major, but her youth (she was only 2 years old at the time) helped her both survive and avoid heavy scarring from the pustular rash (some scarring is seen on her face). Smallpox killed millions during the 20th century. A World Health Organisation vaccination campaign successfully eradicated the disease by 1979. For an image of Banu infected as a child, see image N536/034.

පිනෝෂේ අත්අඩංගුවට

1998 – චිලී රජයේ හිටපු ආඥාදායක ඔගස්ටෝ පිනොෂේ මිනිමැරුම් චෝදනා යටතේ ලන්ඩනයේ දී අත්අඩංගුවට ගනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි