×

අධික උෂ්ණත්වය හේතුවෙන් කැනඩාවේ 130ක් මරුට

කැනඩාවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පසුගිය සිකුරාදා දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 130 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති  බව විදෙස් වාර්තා සඳහන් කරයි.


මිය ගිය පිරිසෙන් වැඩිදෙනෙක් වයස්ගතවූවන් බව සඳහන්.

ඊයේ(29) දිනයේදී කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 49.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය මෙතෙක් කාලයකට කැනඩාවෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙසයි දැක්වෙන්නේ.

මීට වසර 84 කට පෙර එරටින් සෙල්සියශ් අංශක 44.5 ක උෂ්ණත්වයක් වාර්තා වුවද කිසිදු දිනක එරට උෂ්ණත්වය සෙල්සියශ් අංශක 45 ඉක්මවා තිබී නැත.

පවතින මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි ජනතාවට උපදෙස් ද ඇත්තේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි