×

අධික තාප තරංග යුරෝපයට ඇතුළු වේ. ප්‍රංශය, ස්පාඤ්ඤ, ග්‍රීසිය පුරා දස දහස් ගණනින් ලැව්ගිනි

යුරෝපීය රටවල් කිහිපයක පවතින වියලි කලෙගුණය හා තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් පවතියි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් හා කාබන් විමෝචනය අධික වීම හේතුවෙන් ස්වභාවික ආපදාවන් රැසක් වාර්තා වෙමින් පවතියි. මේ හේතුව නිසා ආධානම් සහගත කලාප වලින් ජනයා ඉවත් කිරීමේ ක්‍රියාවලියක රජයන් නිරත වේ. පසුගිය දින කිහිපය තුළ ප්‍රංශයේ නිරිතදිග ගිරොන්ඩ් ප්‍රදේශයේ […]


යුරෝපීය රටවල් කිහිපයක පවතින වියලි කලෙගුණය හා තද සුළං හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවධානමක් පවතියි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන් හා කාබන් විමෝචනය අධික වීම හේතුවෙන් ස්වභාවික ආපදාවන් රැසක් වාර්තා වෙමින් පවතියි. මේ හේතුව නිසා ආධානම් සහගත කලාප වලින් ජනයා ඉවත් කිරීමේ ක්‍රියාවලියක රජයන් නිරත වේ.

පසුගිය දින කිහිපය තුළ ප්‍රංශයේ නිරිතදිග ගිරොන්ඩ් ප්‍රදේශයේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 1000දකට අධික පිරිසක් ඉවත් කර ඇති අතර ස්පාඤ්ඤයේ නගර කිහිපයකින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ. පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ ගොස් ඇති අතර මේ හේතුව නිසා පළාත් කිහිපයක ලැව්ගිනි ඇතිවෙමින් පවතියි. හදිසි ලැව්ගිනි තත්වයන් හේතුවෙන් දෙරට අතර මිය යන ලද සංඛාව 281 ලෙස වාර්තා වී ඇත.

දුර්ලභ පක්ෂීන්ගේ නිවහන වන Monfragüe ජාතික වනෝද්‍යානයේ දකුණු දෙසින් ඇති වූ ලැව්ගිනි නිසා සත්ව සංහාරයක් විනාශයට පත්ව ඇත. ස්පාඤ්ඤයේ සෞඛ්‍ය ආයතනය විසින් පසුගිය සඳුදා හා ඉරිදායන දෙදින තුළ තාප තරංග හේතුවෙන් මිය යන ලද සංඛ්‍යාව 43ක් ලෙස වාර්තා කර තිබේ. පෘතුගාලයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් අධික උෂ්ණත්වය හා වියළි කාලගුණය හේතුවෙන් ජූලි 7 වන විට සාමාන්‍ය මරණ සංඛ්‍යාවට වඩා මරණ 238 ක් වැඩි අගයක් වාර්තා වී ඇති බව නිවේදනය කර තිබේ. මේ හේතූන්ගෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 187ක් බව වාර්තා වේ. මෙම පවතින උෂ්ණත්වය හේතුවෙන් වඩාත්ම පීඩනයට ලක්ව සිටින්නේ දරුවන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගී පුද්ගලයන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

සිකුරාදා උදෑසන වන විට පෘතුගාලය පුරා ලැව්ගිනි 30කට වඩා වැඩි ප්‍රමාණයක් සක්‍රිය වූ අතර පොම්පල් වනාන්තරයේද ලැව්ගිනි තත්වයක් වාර්තා විය. මේ හේතුවෙන් විනාශ වන ලද භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 300 පමණ වන බව ගණනය කර ඇත. මෙම සතිය තුළ ඉතාලියේ හා ක්‍රොඒෂියාව ලැව්ගිනි තත්වයන් වාර්තා විය.

පසුගිය දින ප්‍රංශයේ Arcachon හා Landiras වටා පිහිටි වර්ග කිලෝමීටර් 72ක පයින් වනාන්තරයක් ලැව්ගිනි හේතුවෙන් දැවී යන ලදි. මෙම කලාපයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඊයේ දිනය වන විට වාර්තා වූයේ සෙල්සියස් අංශක 40ක් ලෙසයි. අධික වියලි සුළඟ හේතුවේ ලැව්ගිනි වධානමක් පවතින බවට ග්‍රීසියේ සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රදේශ කිහිපයකට අනතුරු අඟවා ඇත. මධ්‍යම ග්‍රීසියේ ඇටිකා හා ක්‍රීට් යන ප්‍රදේශ ලලැව්ගිනි ඇතිවීමේ අවධානම් සහගත ප්‍රදේශ වන අතර එහි පසුගිය පැය 24ක කාලය තුළ වනාන්තර 51ක් ගින්නට හසුව ඇති බව නිවේදනය වේ. යු‌රෝපා සංගමයේ කොපර්නිකස් හදිසි අවස්ථා කළමණාකරණ සේවය විසින් පසුගියදා ට්විට්හි ලැවිගිනි සම්බන්ධයෙන් අවධානම් සහගතම රටවල් සඳහන් කර තිබිණ.එහි දකුණු යුරෝපය හා මොරොක්කෝව අධි අවධානම් තත්වයේ පවතියි.
පසුගියදා ප්‍රංශයේ දකුණු දිග පොලීසිය විසින් Cazaux දිස්ත්‍රික්කයේ Bordeauxහි දොරින් දොර ගොස් පුද්ගලයන් 4000කට ආසන්න පිරිසකගේ දිවි බේරා ගන්නා ලදි. ජාතික ගිනි නිවන භටයින්ගේ සම්මේලනයේ Allione විසින් රූපවාහිනී වැඩ සටහනකදී ප්‍රකාශ කර තිබුණේ මෙම ග්‍රීස්ම සෘතුව තව මාස දෙකක් පවතින්නේ නම් තත්වය අතිශය සංකීර්ණ වන බවයි. ගිනි නිවන භටයන් ධෛර්ය සම්පන්නව සිටියද පවතින තත්වයට මුහුණ දීමට ස්වේච්ඡා භටයන් 250000 කණ්ඩායමක් ඔවුන් බලාපොරොත්තු වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි