×

අන්ත දක්ෂිණාංශිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ජර්මනියේ 9 ක් මරුට

බටහිර ජර්මනියට අද දින එල්ල වූ අන්ත දක්ෂිණාංශික අන්තවාදියෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 9 දෙනෙක් මරණයට පත්වූහ.


ප්‍රහාරකයා මෙම වෙඩි තැබීම්වලින් පසු පළා ගොස් නිවසේදී සිය දිවි නසාගෙන ඇති අතර, ඔහුගේ මවගේ මළ සිරුර ද ඒ අසලින්ම සොයාගෙන තිබේ.

ශිෂා බාර් හෙවත් ශිෂා (hookah) උපකරණය ආධාරයෙන් දුම් බීම සහ මිතුරු සමාගම් සඳහා පහසුකම් සලසා ඇති මත්පැන් ශාලා දෙකක් මේ ප්‍රහාරයට ලක් වී ඇත.

මෙම ශිෂා බාර් මැදපෙරදිග සහ ආසියානු මුස්ලිම් රටවල සංස්කෘතිකාංගයකි.

43 හැවිරිදි මෙම ප්‍රහාරකයා කුර්දි ජාතියෙක් බවට සැක කෙරේ. මේ අතර ජර්මානු පුවත් වාර්තා පෙන්වා දෙන්නේ ඔහු ගිනි අවි බලපත්‍රය සහිත ජර්මානු පුරවැසියෙකු ද වන බවයි.

ඔහුගේ මෝටර් රථයේ තිබී ගිනි අවි සහ වෙඩි බෙහෙත් ද සොයාගෙන තිබේ.

නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ මේ සිදුවීම පිළිබඳ ඔහු විසින් පාපොච්ඡාරණයක් සහිතව ලිපියක් ලියා තබා සිය දිවි නසාගෙන ඇති බවයි.

එම ලිපියෙන් අන්ත දක්ෂිණාංශික අදහස් විදහා දැක්වෙන බව ද වාර්තා වේ.

මෙම පුද්ගලයා විදේශිකයන්ට අසාමාන්‍ය ලෙස භීතිකාවක් පළ කළ අයෙකු බව, එනම් ක්සීනොෆෝබියාවෙන් පෙළෙන අයෙක් බව ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි