×

අප්‍රිකානු කලාපයටත් කොරෝනා ව්‍යාප්ත වෙයි – 49 ක් දැනට මිය ගිහින් – WHO ප්‍රධානියාගෙන් හෙළිදරව්වක්

අප්‍රිකානු කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක රටවල් 47 අතරින් රටවල් 20කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විට කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඊයේ (29) අනාවරණය කළේය.


WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ආදනම් ගේබ්‍රියේසස් ( Tedros Adhanom Ghebreyesus) මේ අනුව අවධාරණය කරන්නේ දේශසීමා ඉක්මවමින් පැතිර යන මේ ගෝලීය වසංගතයට ලෝකයේ සියලුම රටවල් එකා මෙන්ව මුහුණ දීමට ලැහැස්ති විය යුතු බවයි.

මේ අනුව දුර්වල සෞඛ්‍ය සේවාවක් සහිත රටවල් මෙම වසංගතයේදී අති දැවැන්ත අවදානමකට මුහුණ පානු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2018 වසරේදී ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව අප්‍රිකානු කලාපය පවතින්නේ සෞඛ්‍ය සේවය අතින් සමස්තයක් ලෙස ගත් විට සතුටුදායක මට්ටමක නොවේ. එම වාර්තාව මෙතැනින් කියවන්න…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි