×

අපි දැනටමත් ප්‍රමාද වැඩියි! – ඇටෙන්බරෝ අනතුරු අඟවයි

ශ්‍රීමත් ඩේවිඩ් විස්තර කළේ පෘථිවිය බේරා ගැනීම සඳහා “අවශ්‍ය වෙනසක් කිරීමට ඇති අවසාන අවස්ථාව” ලෙසයි.


 

පරිසරවේදියෙකු සහ රූපවාහිනී ප්‍රචාරකවරයකු වබ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක නායකයින්ට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ: ඒ අනුව ඔහු කියා සිටින්නේ “දැනටමත් ප්‍රමාද වැඩියි.”යන්නයි.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ආරාධනයට අනුව දේශගුණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සැසිවාරය අමතමින් ශ්‍රීමත් ඩේවිඩ් පැවසුවේ “කරුණාකර කිසිම වැරැද්දක් නොකරන්න – දේශගුණික විපර්යාස යනු නූතන මිනිසුන් මෙතෙක් මුහුණ දී ඇති ඔවුන්ගේ ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනයයි.”යන්නයි.

ඔහු ලෝක නායකයන් ආමන්ත්‍රණය කරමින් තවදුරටත් පැවසුවේ දේශගුණ විපර්යාස ඇති නොවීමට වගබලාගැනීම ඔවුන්ගේ වගකීම බවයි.

එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණික සමුළුව එක්සත් රාජධානිය විසින් නොවැම්බර් මාසයේ ග්ලාස්ගෝ හිදී පවත්වනු ලැබේ.ශ්‍රීමත් ඩේවිඩ් විස්තර කළේ පෘථිවිය බේරා ගැනීම සඳහා “අවශ්‍ය වෙනසක් කිරීමට ඇති අවසාන අවස්ථාව” ලෙසයි.

[embedyt]https://youtu.be/u7I5Ala6KYc[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි