×

අම්බානිගේ මොබයිල් ඉන්ටනෙට් සමාගමට ෆේස්බුක් ලංසුවක්!

ඉන්දියාවේ ප්‍රකට මොබයිල් ඉන්ටනෙට් සමාගමක් වන Reliance Jio සමාගමේ කොටස්, ඩොලර් බිලියන 5.7කට මිලදී ගැනීමට ෆේස්බුක් සමාගම සැරසෙයි.


මෙම සමාගමේ හිමිකරු, ඉන්දියාවේ ලොකුම ධනවතා වන මුකේෂ් අම්බානි ය.

මේ අනුව අම්බානිගේ Reliance Industries හි විශාලතම සුළු කොටස් හිමියා බවට ෆේස්බුක් සමාගම පවත්වනු ඇත. ඉහත කී මුදල ආයෝජනය කළ විට කොටස් හිමිකාරිත්වයෙන් 9.9%ක් ෆේස්බුක් සතු වේ.

මෙය, ෆේස්බුක් සමාගම ඉන්දියාව තුළ සිය අණසක පතුරුවාගැනීමට සිදුකරන යෝධ පියවරක් වනු ඇත. මන්ද යත් ෆේස්බුක් සමාගමටම අයත් වට්ස්ඇප් යෙදවුම පාවිච්චි කරන මිලියන 400 ක් දෙනා ඉන්දියාව තුළ සිටින අතර, ඉදිරියේදී ගෙවුම් සේවයක් (payments service) දියත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වන නිසා ය. ඉදියේදී රියලන්ස් සමාගමටම අයත් ජියොමාර්ට් (JioMart) සමග එක්ව ව්‍යාපාර, කඩසාප්පු සහ භාණ්ඩ විකිණීම් ඒකාබද්ධ කරමින් අන්තර්ජාල සේවාවක් ආරම්භ කිරීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.

ප්‍රකාශයක් නිකුත් කරමින් අම්බානිගේ රිලයන්ස් ජියෝ සමාගම් ජාලය ප්‍රකාශ කරන්නේ මෙවැනි හවුල්කාරිත්වයක් දෙපාර්ශවයටම වාසිදායක වනු ඇති බවයි.

ඉන්දියාවේ ටෙලිකොම් වෙළඳපොළෙහි විශාලතම බලපෑමක් ඇති කරන සාධකය බවට මේ වන විට පත්ව තිබෙන්නේ ද අම්බානිගේ Reliance Industries සමාගමයි.

නව ෆේස්බුක් හවුල්කාරිත්වය මගින් අම්බානිගේ සමාගම්වල දැනට පවතින ශුද්ධ වගකීම් (ණය ද ඇතුළුව) 2021 මාර්තු මාසය වන විට ශුන්‍ය කර ගැනීමට හැකි බව ද ඔහු කියා තිබේ. ඉදිරියේදී නියත වශයෙන්ම Jio Mart සහ Whatsapp ඒකාබද්ධ වී දැවැන්ත වැඩක් කරන බව ද ඔහු කියා තිබේ. 2016 වසරේ ආරම්භ කළ Jio ජාලය තුළ දැනටමත් සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 370 ක් සිටිති.

මුකේෂ් අම්බානි | The Financial Times



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි