×

අමිතාබ් ඉන්දීය රු.මි 40ක් ගෙවා ගොවීන් දහසක් ණය බරින් මුදවයි…

ගොවීන් ගණනාවක් ණය බරින් නිදහස් කිරීමට ඉන්දීය රුපියල් මිලියන 40කට වැඩි මුදලක් පරිත්‍යාග කරන ලදී. එනම් ඇමරිකානු ඩෝලර් 560000කි.


ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිය රටේ ණය බරින් මිරිකෙමින් සිටින ගොවීන් ගණනාවක් ණය බරින් නිදහස් කිරීමට ඉන්දීය රුපියල් මිලියන 40කට වැඩි මුදලක් පරිත්‍යාග කරන ලදී.
එනම් ඇමරිකානු ඩෝලර් 560000කි.

දශක ගණනාවක් තිස්සේ ඉන්දීය ජනතාවගේ වීරයා වූ අමිතාබ් මෙම පරිත්‍යාගය හේතුවෙන් ඉන්දියානුවන් බෙහෝ දෙනක් ගේ සිත් දිනා ගත් සදාතනික වීරයා බවට පත් විය

ඒ අනුව ඔහු බේරා ගත් ගොවි ජීවිත 1398කි. සිය බ්ලෝග් අඩවියේ ලිපියක් පල කරමින් ඔහු කියා සිටින්නේ තමන් මෙම ක්‍රියාවෙන් යුතුකම ඉටු කිරීමේ හැඟීම විදිමින් සිටින බවයි.

ඔහු අතින් නිදහස් වන ගොවීන් සියලු දෙනා ඉන්දියාවේ අති දුෂ්කර ප්‍රන්තයක් මෙන්ම දුප්පත් ගොවීන් දහස් දෙනා සිය ජීවිත වලින් වන්දි ගෙවමින් සිටින ප්‍රාන්තයක් වන උත්තර ප්‍රදේශ් හී ගොවීන්ය. ඒ ඔහු උපන් භූමියද වීම විශේෂත්වයකි .
ඉන්දියාවේ දහස් ගණනක් ගොවීන් ණය බරින් මිරිකී සිටිති.

පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ නියගය නිසා ඉන්දීය කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් සියල්ලන්ගේම ජීවිත දැඩි ජීවිත තර්ජන වලට ලක් වෙමින් සිටී. මේ නිසාම බහුතරයකත් ගොවීන් සිය ජීවිත නසා ගැනිමට පෙළඹී සිටින අතර 1995 වසරේ සිට ණය බර හේතුවෙන් සිය ජීවිත වලින් වන්දි ගෙවා ඇති ගොවීන් සංඛ්‍යාව 300000 කට ආසන්නය.

මේ වන විට සිය 76 වන වයසේ පසු වන ඔහු ඉන්දීය රාජ්‍ය බැංකුව වන බෑන්ක් ඔෆ් ඉන්දියා වෙතින් ලබා ගත් ණය මෙසේ නිදහස් කර ඇත.
නිදහස් කළ සියළු ගොවීන් හමු වීමට ඔවුන්ට මුම්බායි නගරයට එන්නට හැකියාවක් නොමැති නිසා ඔහු උත්තර ප්‍රෙද්ශ වෙත ගමන් කරන දුමිරිය පාලකයෙක් මේ වෙනුවෙන් පත් කර ඇත. ඔහු සමග ගොවීන් 70 දෙනෙක් කැඳවාගෙන එන ලෙස ඔහු විසින් ඉල්ලීමක් කර ඇත.
මින් පෙරද මෙම මස මුල් සතියේ අමිතාබ් මහාරාෂ්ඨයේ ගොවීන් 350 දෙනෙක් ණය බරින් නිදහස් කළේය.

2007 වසරේදී අමිතාබ්ට විරැද්ධව ඔහුට නීතිවිරෝදී ලෙස අයත් වර්ග අඩි 90000ක වගා බිමක් සම්බන්දයෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් චිත්‍රපට 190 කට වඩා සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූ මෙ සුපිරි වීරයා දුප්පතුන් ගේ සිත් සතුටු කරන්නට ගත් වෑයම හේතුවෙන් සදාකාලික වීරයෙක් බවට පත්ව ඇත.

දුප්පතුන් තව තව ණය උගුල් වල පටටලවමින් ආත්මාර්ථයෙන් මුදල් උපයන්නට හදන ශ්‍රි ලංකාවේ බහුතරයක් දේශපාලකයන්ට අමිතාබ් යනු කදිම උදාහරණයකි.. ස්වෝත්සහයෙන් මුදල් උපයා ඔහුට මෙවැන්නක් කළ හැකිනම් ජනතා මුදලින් සදාකාලික සැ සොයන අපේ රටේ දේශපාලකයන්ගේ ඇස් අරින්නට මෙය සුදුසුම කාලයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි