×

අමිතාබ් භච්චන් හට හින්දි සිනමාවේ ඉහළම සම්මානය – දාදාසහේබ් ෆාල්කේ සම්මානය

හින්දි සිනමාවේ Big B යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සුපිරි සහ ජ්‍යේෂ්ඨ නළු අමිතාබ් භච්චන් හට ඊයේ ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් අතින් දාදාසහේබ් ෆාල්කේ සම්මානය පිරිනැමිණි.


මෙම සම්මානය සැලකෙන්නේ සිනමාවට සිදුකළ මෙහෙය සඳහා ඉන්දියානුවෙකුට ලද හැකි උපරිම ගෞරවය ලෙස ය.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ අමිතාබ් භච්චන් විසින් ඉන්දියානු ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපති භවනේදී එම සම්මානය ලබාගත් අවස්ථාවයි.

ඉන්දීය සිනමාවේ පියා ලෙස සැලකෙන ධුන්දිරාජ් ගෝවින්ද් ෆාල්කේ සිහිපත් කරමින් 1969 වර්ෂයේ පටන් මෙම සම්මානය පිරිනමනු ලබයි. ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් සහ රන් නෙළුමක් එහිදී පිරි නැමේ.

අමිතාබ් භච්චන් සමග රිදී තිරය මෙන්ම සැබෑ ජීවිතය ද ප්‍රේමයෙන් බෙදාගත් හේමා මාලිනිය පවසන්නේ මේ සම්මානයට අමිතාබ් තරම් සුදුස්සෙකු තමන්ට සිතාගත නොහැකි බවයි. ඔහුගේ පුත් අභිෂේක් බච්චන්, රජිනිකාන්ත්, ලතා මංගේෂ්කාර්, ආෂා භෝස්ලේ, අනිල් කපූර්, කරන් ජොහාර්, රිතිෂ් දේශ්මුඛ්, විවේක් ඔබ්රෝයි, අර්ජුන් කපූර්, අයුෂ්මන් කුරන්නා යනාදී ඉන්දීය සිනමාවේ පරම්පරා 3 ක රංගන ශිල්පීහු මේ සම්මානය ලබාගැනීම වෙනුවෙන් ඔහුට සුබ පැතුම් එක් කරති.

1969 වසරේ සාත් හින්දුස්ථානි (Saat Hindustani) චිත්‍රපටයෙන් රංගන දිවි සැරිය ආරම්භ කළ අමිතාබ් භච්චන් අග්නීපාත්, බ්ලැක්, පා, පිකු වැනි විශිෂ්ට නිර්මාණ රැසකට සිය දායකත්වය ලබා දුන්නේය.

2015 වසරේදී ඔහුට ඉන්දියාවේ දෙවැනි ඉහළම පුරවැසි සම්මානය වන පද්ම භූෂන් ද පිරිනැමිණි.

[embedyt] https://www.youtube.com/watch?v=4dsFQFCvVGU[/embedyt]

(2015)

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි