×

ආශ්‍රිතයෙකු බවට පත් වූ බොරිස් ජොන්සන් ස්වයං නිරෝධායනයට

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදුව තිබේ. ඒ, කෝවිඩ්-19 ආසාදනය වූ බවට සැක කෙරෙන මන්ත්‍රීවරයෙකු ඔහුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව ඇති බව හඳුනා ගැනීමත් සමග ය.


බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව වන NHS විසින් සිදුකරන Test and Trace වැඩසටහනට ලක් වීමෙන් අනතුරුව ඔහු මේ බව අනාවරණය කළේ, ‘නීති පිළිපදින්න‘‘ ( “follow the rules” ) යන පණිවුඩය ලබාදෙන වීඩියෝවක් හරහා ය.

ටෝරි පක්ෂ මන්ත්‍රී ලී ඇන්ඩර්සන් සමග බ්‍රහස්පතින්දා දිනයේ විනාඩි 35 ක් පමණ බොරිස් ජොන්සන් විසින් ගත කර ඇති අතර, ඊට පසු දිනයේ ලී ඇන්ඩර්සන් කිසිදු රසයක් නොදැනෙන කෝවිඩ්-19 රෝග ලක්ෂයට ගොදුරුව තිබිණි.

පසුව ලී ඇන්ඩර්සන් කෝවිඩ්-19 පොසිටිව් තත්වයට පත් ව සිටින බව සොයා ගැනුණේය.

කෙසේ වෙතත් මේ හමුව සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් කියා තිබෙන්නේ තමන් සියලු සමාජ දුරස්ථකරණ නීති පිළිපැදි බවයි. එනමුත්, ලී ඇන්ඩර්සන් විසින් සිය ෆේස්බුක් පිටුවේ ගැබ් කර තිබූ පහත ඡායාරූපයෙන් පෙනී යන්නේ ඔවුන් මුහුණු වැසුම් (මාස්ක්) නොපැළඳ සිටි බව ය.

ඊයේ දිනය වන විට එක්සත් රාජධානියේ කෝවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,962ක් දක්වා ඉහළ ගොස් තිබිණි. මෙම සංඛ්‍යාව අද දිනය තුළ 25,000 කඩඉමට ළඟා වනු ඇත.

අගමැති කාර්යාලයේ කුණාටුව උග්‍ර වෙයි

බොරිස් ජොන්සන් අගමැතිවරයා මෙසේ දෙවැනි වතාවටත් ස්වයං නිරෝධායනයට ලක් වන්නේ අගමැති කාර්යාලයේ ධුර දරන්නන් සම්බන්ධයෙන් මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තා වී ඇති කාලයක ය. ඔහුගේ බාලම දරුවාගේ මව සහ පෙම්වතිය වන කේරි සයිමන්ඩ්ස්ගේ අනිසි මැදිහත්වීමක් නිසා, අගමැති කාර්යාලයේ සන්නිවේදන අධ්‍යක්ෂ ලී කේන් ඉල්ලා අස් වූ අතර, එයට පසුදිනයේ වාර්තා වූයේ, ලී කේන්ගේ ප්‍රධානියෙකු සේ සැලකෙන ඩොමිනික් කමින්ස් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බවයි.

ඩොමිනික් කමින්ස් සැලකුණේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ න්‍යායාචාර්යවරයා ලෙස ය.

මේ අනුව අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩල සංශෝධන සම්බන්ධ ඉදිරි කටයුතු බොරිස් ජොන්සන් හට කරන්නට සිදුවන්නේ නිවසේ සිට ය. චාන්සලර් රිෂී සුනාක් සමග එම වැඩ කටයුතුවල නියැළෙන බව බොරිස් ජොන්සන් පවසා ඇතත්,  විචාරකයන් පවසන්නේ බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ අසාමාන්‍ය කැළඹීමක් සෙමෙන් නිර්මාණය වෙමින් පවතින බවයි.

පෙර ලිපිය

බොරිස් ජොන්සන්ගේ පවුල් ප්‍රශ්න නිසා අගමැති කාර්යාලයේ කුණාටුවක්

බොරිස් ජොන්සන්ගේ පවුල් ප්‍රශ්න නිසා අගමැති කාර්යාලයේ කුණාටුවක්!

බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය මේ ලියන්නේ මරණ වරෙන්තුවක්ද?

බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය මේ ලියන්නේ මරණ වරෙන්තුවක්ද?

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි