×

ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි!

ඉදිරියේදී එළඹෙන නව වසර සැමරුම සහ බෙයිජිං ශීත ඔලිම්පික් උළෙල හේතුවෙන් චීන බළධාරීන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අතර මීට පෙර ෂියෑං නගරයද ලොක්ඩවුන් කිරීමට කටයුතු කර තිබිණි.


කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු හමුවීම නිසා චීනයේ නගරයක්ම ලොක්ඩවුන් කර තිබෙනවා. මෙසේ ලොක්ඩවුන් කර තිබෙන්නේ මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ යූජෝ නරගයයි.

ඉදිරියේදී එළඹෙන නව වසර සැමරුම සහ බෙයිජිං ශීත ඔලිම්පික් උළෙල හේතුවෙන් චීන බළධාරීන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අතර මීට පෙර ෂියෑං නගරයද ලොක්ඩවුන් කිරීමට කටයුතු කර තිබිණි.

04 වැනිදා රාත්‍රියේ සිට යූජෝ නගරයේ සියලු කඩ සාප්පු, පාසල් ඇතුළු පොදු ස්ථාන වසාදමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාද සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා.

සියලු නගරවාසීන් නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවටද නියෝග කර තිබේ.

යූජෝ නරගය මිලියන 1.1 ක ජනගහනයකින් සමන්විත වේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි