×

ආසියා බීබී ගේ සැමියා විදෙස් ආරක්ෂාව පතයි නීතිඥයා රටින් පිටවෙයි.

''මගේ බිරිද මේ වන විටත් වසර 10ක් තිස්සේ දුක් විදිමින් සිටිනවා ... මගේ දියණියන් ඇගේ නිදහස වෙනුවෙන් බලා සිටිනවා... නමු්ත් මේ රටේ ජනතාව එම අවස්ථාව තවත් දුරස් කරන්නට හදනවා..


දෙවියන්ට අපහාස කළේ යැයි කියා පාකිස්ථානු අධිකරණය තුළ වරදකාරියක වූ ආසියා නොරීන් හෙවත් ආසියා බීබී නම් කාන්තාව වසර අටකට පසු නිවැරදි කාරියක බව එරට අධිකරණය මගින් නැවත ප්‍රකාශ කිරීමෙන් අධිකරණයේ මතයට එරෙහිව පසු පාකිස්ථානයේ විවිධ ආගමික මතධාරී පිරිස් වීදී බැස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්හ. ඔවුන්ගේ එකම පැතුම වූයේ තමන්ගේ දෙවියන්ට අපහස කල ආසායා බීබීව මරා දැමිය යුතු බවයි. නමුත් මේ වන විට ඔවුන්ගේ විරෝධය උග්‍ර වෙමින් පවතින අතර එත් සමග ඇගේ සැමියා වන අෂික් මාෂි සහ ඈට යුක්තිය ලබා දීම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ඇගේ නීතිඥ වරයා වන සයිෆ් මලූක් ගේ ජීවිත වලටද තර්ජන එල්ල වෙමින් පවතී.

ක්‍රිස්තායානි කාන්තාවක වන ආසියා බීබී හට සිය ආගම වෙනස් කර ගන්නා ලෙස බල කිරීමත් ඇගේ විරොි්ධයත් මෙම සිදු වීමට මූලිකම හේතුව විය. මේ සම්බන්ධව ඇගේ අභියාචනය විමසා බැලීමෙන් පසු අධිකරණය ප`කාශ කර තිබුණේ ඇයට එරෙහි චෝදනා ඔප්පු කළ නොහැකි සාධාරණ සාක්ෂි නොමැති ඒවා බවයි. මෙම තීන්දුව සම්බන්ධයෙන් පකිස්තාණු අධිකරණයටද චෝදනා එල්ල කළ පකිස්ථානු ආගමික මතධාරීන් කියා සිටින්නේ අධිකරණයේ විනිෂ්චය කරුවන් පවා අධිකරණයෙන් පලවා හැර ඝාතනය කල යුතු බවය.

ඇගේ සැමියා වන අෂිකී මාෂි ද මේ වන විට පාකිස්ථානයෙන් ඇමරිකාව, එංගලන්තය හෝ කැනඩාවේ ආරක්ෂාව අf්ප්ක්ෂාවෙන් සිටින බවද වාර්ථා වේ. මාෂි පවසන්නේ තමන්ගේ ජීවිතය මේ වන විට දැඩි අනතුරක ඇති බවයි. වීඩියෝ පණිවිඩයක් මගින් තමන් ඇතුළු තම පවුලේ ආර්ක්ෂාවට ඇති තර්ජන පිළිබදව ඔහු පණිවිඩයක් නිකුත් කර ඇත. ඔහු එමගින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා වෙතින් තමන්ට සහයෝගය ලබා දෙන ලෙස ආයාචනය කර ඇත.

”මගේ බිරිද මේ වන විටත් වසර 10ක් තිස්සේ දුක් විදිමින් සිටිනවා … මගේ දියණියන් ඇගේ නිදහස වෙනුවෙන් බලා සිටිනවා… නමු්ත් මේ රටේ ජනතාව එම අවස්ථාව තවත් දුරස් කරන්නට හදනවා..

”ඔහු පැවසීය.

මෙම තත්ත්වයත් සමග ඇගේ නීතිඥවරයා ද පාකිස්ථානය අතහැර ආරක්ෂාව පතා විදෙස් රටකට ගොස් ඇති අතර පසු ගියදා ඒ පී එෆ් පුවත් සේවයට අදහස් පැවසූ ඇගේ නීතිඥවරයා පැවසුවේ දිගින් දිගටම ඈ වෙනුවෙන් පෙනී සිටීමෙන් තම ජීවිතය අනතුරේ පවතින බවයි.
මේ අතර ඈට විරුද්ධව මරණ දඩුවම සහතික කළ යුතු යැයි විරෙරා්ධතාකරුවන් දැඩිසේ ඉල්ලා සිටිමින්ද ඒ සම්බන්ධව නීති විරෝධී ලෙස මැදිහත් වෙමින්ද සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි