×

ආහාර, බෙහෙත් ඉල්ලා වීදි බට කියුබානුවන්ට වසර 5ත් 25ත් අතර සිර දඬුවම්.

2021 වසරේ ජූලි 11 වන දින කියුබානු සමාජවාදී රාජ්‍යයේ පැවැති පාලනයට එරෙහිව අරගල කළ කියුබානුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් නියම කර තිබේ. දිනෙන් දින ඉහළ යන ආහාර පිරිවැය, ඖෂධ හිඟය මෙන්ම COVID-19 වසංගතය තුළ නරක අතට හැරුණු දරුණු සමාජ ආර්ථික තත්වයන්ට විරෝධය පළ කිරීමට , හවානා ආදී අනෙකුත් නගරවලට වීදිබට කියුබානුවන් 400කට අධික පිරිසකගෙන් 381 දෙනෙකුට […]


2021 වසරේ ජූලි 11 වන දින කියුබානු සමාජවාදී රාජ්‍යයේ පැවැති පාලනයට එරෙහිව අරගල කළ කියුබානුවන් අත්අඩංගුවට ගෙන දඬුවම් නියම කර තිබේ.
දිනෙන් දින ඉහළ යන ආහාර පිරිවැය, ඖෂධ හිඟය මෙන්ම COVID-19 වසංගතය තුළ නරක අතට හැරුණු දරුණු සමාජ ආර්ථික තත්වයන්ට විරෝධය පළ කිරීමට , හවානා ආදී අනෙකුත් නගරවලට වීදිබට කියුබානුවන් 400කට අධික පිරිසකගෙන් 381 දෙනෙකුට මෙලෙස දඬුවම් පනවා ඇත. මෙම පිරිසෙන් 397 දෙනෙක් දේශද්‍රෝහීත්වය, කඩාකප්පල්කාරී ක්‍රියා, බලහත්කාරයෙන් කොල්ලකෑම් සහ මහජන කැළඹීම යන අපරාධ සම්බන්ධයෙන් වසර 5 ත් 25 ත් අතර සිරදඬුවම් නියම කර ඇති බව නීතිපති කාර්යාලය විසින් රාජ්‍ය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මීට අමතරව තරුණයින් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 84 දෙනෙකුට සිර දඬුවම් ලබා දී නොමැත.

කියුබාවෙහි වයස අවුරුදු 16ට වැඩි අයට අපරාධ වැරදි සම්බන්ධයෙන් නීතියෙන් දඬුවම් කළ හැකි අතර සම්බාධක කඩ කරන්නන්, නව වැරදිවල නිරත වන්නන් හට දැඩි දඬුවම් නියම කළ හැකි බව රජය තවදුරටත් අනතුරු අඟවා තිබේ. 2021 ජූලි 11 වැනි දින සිදුවීම් සම්බන්ධයෙන් නීතිපති කාර්යාලය විසින් නීතිමය ප්‍රතිචාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම දිගින් දිගටම කරගෙන යන බව නීතිපති කාර්යාලය විසින් තව දුරටත් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ විරෝධතාකරුවන් රැසක් ජනාධිපති Miguel Diaz-Canelගේ ආණ්ඩුවට විරුද්ධව චෝදනා එල්ල කළ අතර, එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ රජය ආඥාදායකත්වය සමඟ පහත වැටෙන බවත්, ඔවුන්ට නිදහස අවශ්‍ය බවත්ය.

මෙම විරෝධතාවන්ට එරෙහිව ක්‍රියාත්මක වූ රාජ්‍ය මර්ධනය ප්‍රබල විය. එනම් ජනවාරි අගදී කියුබා විරෝධතාවලට සම්බන්ධ වූ පුද්ගලයන් හා අත්අඩංගුවට පත් වූවන්, 790 දෙනෙකුට අධිචෝදනා ගොනු කොට තිබෙන බව රජය පිළිගෙන ඇත.

ලෝකය පුරා ව්‍යාප්තව ඇති රාජ්‍ය නොවන සංවිධානයක් වන Human Rights Watch විසින් කියුබාවේ සිදුවන රාජ්‍ය මර්දනය හෙළා දැක ඇත. එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු පර්යේෂක Juan Pappier මේ පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ “අතිශයින්ම සාමකාමී” විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් “අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, රැඳවියන්ට අයහපත් ලෙස සැලකීම සහ අපරාධ නඩු පැවරීම රජය විසින් කරගෙන යන බවයි. එමෙන් ම “ජූලි මාසයේදී කියුබානුවන් දහස් ගණනක් වීදි බැසගත් විට, කියුබානු රජය ප්‍රතිචාර දැක්වූයේ භීතිය ඇති කිරීමට සහ විසම්මුතිය යටපත් කිරීමට සැලසුම් කරන ලද ම්ලේච්ඡ මර්දන උපාය මාර්ගයකින්” යැයි ඔහු විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි