×

ඇඟ හිරිවැටෙන දුම්රිය මාර්ග

අපිට ආසන්නම නේපාලය භූතානය වගේ රටවල්වලත් දුම්රිය නම් නැහැ. නැති එකමයි හොඳ!


දුම්රිය කියන්නේ අප කාගේත් ආදරය දිනාගත් ප්‍රවාහන ක්‍රම වලින් එකක් . ලෝකයේ දුම්රිය භාවිතා කරන රටවල් වගේම දුම්රිය භාවිත නොකරන රටවල්ද තියෙනවා. අපිට ආසන්නම නේපාලය භූතානය වගේ රටවල්වලත් දුම්රිය නම් නැහැ. කොහොම වුණත් පහත දැක්වෙන්නේ “ පුදුමාකාර දුම්රිය මාර්ග‘‘ කිහිපයක් ගැන කෙටි විස්තරයක්. බලන්න, ඔබට සිත් අදහා ගන්න පුළුවන්ද කියලා…

තායිලන්තයේ මැක්ලෝන්ග් දුම්රිය මාර්ගය විටෙක එළිමහන් වෙළඳපළක්. දුම්රිය එන විටදි වෙළඳුන් ඉවත් වී ඉඩ දෙනවා. ඒ විතරක් නෙවෙයි, දුම්රිය එන විට මුළු මාර්ගයම හිස්වී ඊට ඉඩ දෙනවා වගේම දුම්රිය ගිය විගස එය අපට හිතා ගන්නවත් බැරි විදියට නැවත වතාවක් ජනාකීර්ණ වෙළඳ සංකීරණයක ස්වරූපය ගන්නවා. තායිලන්තයේ තිබෙන වේගයෙන් අඩුම දුම්රිය මාර්ගය මෙයයි.

ඉක්වදෝරයේ නරිස් ඩෙල් ඩිබාලෝ දුම්රිය මාර්ගය දකින්න තියා ඒ ගැන හිතද්දි ඇඟ කිළිපොළා යනවා. ලෝකයේ වඩාත් අපහසුම මෙන්ම භයානකම දුම්රිය ගමන ලෙස මෙය හදුන්වනාවා. ‘යක්ෂයාගේ නහය‘ (Devil’s nose) කියලා තමයි දන්න කියන අය නම් මේ දුම්රිය මාර්ගය හදුන්වන්නේ. උස් කන්දක් මුදුනේ විශාල බෑවුමක් දැක දැක මේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම හරියට දැලි පිහියෙන් කිරි කනවා වාගේ වැඩක්.

ඉන්දියාවේ පාම්බන් පාලම උඩින් යන දුම්රිය ගමනත් ලේසි පහසු එකක් නෙවෙයි. ලංකාවටත් බොහෝ සමීප ඉන්දියාවේ රාමේස්වරම් හි පිහිටි පාම්බන් පාලම 1914 දි තමයි ඉදිකරලා තියෙන්නේ. ඒ වගේම මේක ඉන්දියාවේ ප්‍රථම මුහුදු පාලමයි. එය ඉතා පටු දුම්රිය මාර්ගයක් වන අතර සුළු වැරැද්දකින් පවා ගමන් ගන්නා සියලු මඟීන් මුහුදුබත් වෙන්න පුළුවන්. නමුත් මේ වෙනකල් නම් කාටවත් කරදරයක් සිදුවූ බවට නම් තොරතුරු නැහැ.

බංගලාදේශ දුම්රිය ගැනනම් කියලා වැඩක් නැති තරම්. එක හිස් තැනක්වත් නැතිව සෙනඟ පිරුණ මේ දුම්රිය ගමන මේ කොච්චි ආවරණය නොවූ ඒවා වන අතර දුම්රිය වහලයේ ගමන් කිරීම ඉතා සුලභ දර්ශනයක්.

‘මරණයේ දුම්රිය‘ නමින් හඳුන්වන මෙම දුම්රිය මාර්ගය පිහිටා තිබෙන්නේ බුරුමයේ තියුණු බෑවුමක. දෙවන ලෝක යුද්ධ අවධියේදී රාජකීය ජපන් හමුදාව විසින් තමයි මේ දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ. මෙම දුම්රිය මාර්ගය Death Railway කියලා හඳුන්වන්නේ මෙය හදන විට මිනිස්සු 110,000 මරණයට වී තිබීම නිසයි.

පේරු හි ෆෙරෝකාරීල් සෙන්ට්‍රල් ඇන්ඩිනෝ නැමති මේ දුම්රිය මාර්ගය ඇන්දීස් කඳුවැටිය හරහා දිවෙනවා. මේ දුම්රිය ගමන අතිශය භයංකාර එකක්. ලෝකයේ දෙවන උසම දුම්රිය මාර්ගය වන මෙය කිලෝ මීටර් 332 ක් දුරයි. පාලම් 61ක් වගේම උමං 65ක් මෙම දුම්රිය මාර්ගය සතුයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි