×

ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට බයිඩ්න්ගේ තේරීම කලු ජාතිකයෙක් !

ඔහු එම තනතුරට පත් වුවහොත් ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් වූ පළමු කලු ජාතිකයා ලෙස ඔස්ටින්ගේ නම සටහන් වේ.


ඇමරිකානු විශ්‍රාමික හමුදා ජෙනරාල්වරයෙකු වන ලොයිඩ් ඔස්ටින් මීලඟ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ. ඔහු එම තනතුරට පත් වුවහොත් ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් වූ පළමු කලු ජාතිකයා ලෙස ඔස්ටින්ගේ නම සටහන් වේ.

මේ වනවිට 67 හැවිරිදි ‍වියේ පසුවන ලොයිඩ් ඔස්ටින්, බැරැක් ඔබාමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකානු මධ්‍යම අණදෙන බලකායේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කළේය.

ලොයිඩ් ඔස්ටින් ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමට නම් බයිඩ්න්ට ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වී තිබේ. ඒ ලොයිඩ් ඔස්ටින් හමුදා සේවයෙන් විශ්‍රාම ලබා තවමත් වසර 07 ක් ගත වී නොමැති වීම නිසාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි