×

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට කොරෝ​නා!

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් ස්වයං නිරෝධායනය වෙත කෙරුණු අතර මේවන විට පරීක්ෂණ වාර්තා නිකුත් වී ඇති අතර ඒවා තහවුරු කරන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි.


ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට කොරෝ​නා වෛරසය වැළදී ඇති බව පරීක්ෂණ මඟින් හෙළි වී ඇත.

ට්‍රම්ප් මෙම වෛරසය හැඳින්වූයේ ‘චයිනීස් වෛරස්’ ලෙසයි. චීනයට චෝදනා කරමින් සිටියා විනා සිය ජනතාව වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට ඔහු අසමත් විය. ලොව සෙසු සියලු රටවල නායකයන් මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ නමුත් ට්‍රම්ප් කිසි දිනෙක මුඛ ආවරණයක් පැළඳ ගත්තේ නැත. ඔහු කටයුතු කළේ සියලු ඇමරිකානුවන් බිලි ගත්තද වෛසරය තමන් වෙත නොපැමිණෙන්නේය වැනි විශ්වාසයක් මතයි.

කෙසේ නමුත් දැන් වෛරසය ඔහුත් වැළදී ඇත.

ඊයේ ඇමරිකානු සෞඛ්‍ය බළධාරීන් තහුවරු කරගෙන තිබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ උපදේශකවරියක ලෙස කටයුතු කරන හෝප් හික්ස්, කොවිඩ් 19 ආසාදිතයෙකු බවටයි. ඊයේ (01) දිනයේදී ඇය ට්‍රම්ප් සමග ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකටද සහභාගි වී තිබෙනවා. ඇය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන තිබෙන්නේ මෙම රැළියට සහභාගිවීමෙන් අනතුරුවයි.

මෙම තත්වය හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් ස්වයං නිරෝධායනය වෙත කෙරුණු අතර මේවන විට පරීක්ෂණ වාර්තා නිකුත් වී ඇති අතර ඒවා තහවුරු කරන්නේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි