×

ඇමරිකානු ජනාධිපතිවරණය අදයි : බයිඩන් ජය ගන්නා බවට පුරෝකථන

ඇමරිකානු ජනාධිපතිවරණය අද දිනයේ පැවැත්වෙන අතර, මැතිවරණ ප්‍රචාරණ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.


නවතම CNN පූර්වාපේක්ෂණයන්ට අනුව ‘බැට්ල්ග්‍රවුන්ඩ් ස්ටේට්ස්’ යනුවෙන් හැඳින්වෙන තීරණාත්මක ජනපදවල බයිඩන් බොහෝ දුරට ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

මේ අනුව මිචිගන් සහ විස්කොන්සින් ජනපදවල බයිඩන් පැහැදිලි ජයක් ලබාගනු ඇතැයිද, ඇරිසෝනා සහ උතුරු කැරොලිනා ජනපදවල දෙදෙනා අතර තියුණු තරගයක් පැවතෙනු ඇතැයි ද බලාපොරොත්තු වේ.

ඇරිසෝනා සහ උතුරු කැරොලිනා ජනපදවලදී ජනපති ට්‍රම්ප් 2016 වසරේදී පැහැදිලි ජයග්‍රහණයක් වාර්තා කර තිබීම ද විශේෂත්වයකි.

CNN පුවත් සේවය පවසන්නේ මේ අනුව ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අසීරු එකක් බවට පත්වනු ඇති බවයි.

මෙම ජනපදවල බයිඩන් 50% ක් සහ ට්‍රම්ප් 46% ක් වශයෙන් ඡන්ද බෙදී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙයට පැය කිහිපයකට පෙර බයිඩන්, පෙන්සිල්වේනියාවේදී සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කළේ ‘නව දිනයක ඇරඹුම‘ පිළිබඳ සිහිපත් කරවමිනි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ‘It’s a little tough out here’ – ‘‘මෙහෙ තත්වය ටිකක් අසීරුයි‘‘ යනුවෙන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට පෙර ප්‍රකාශ කළේය.

ඇමරිකානුවන් මිලියන 91 ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා!

තවද ඇමරිකානුවන් මිලියන 91 ක් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර අවසන් ය.

මෙය ඇමරිකානු ඉතිහාසයේ එදාමෙදාතුර වාර්තා වූ වැඩිම ‘අර්ලි වෝටිං‘ ඡන්ද ප්‍රමාණයයි.

දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති අය අතරින් ද වැඩි වාසිය පවතින්නේ බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇමරිකානුවන් මිලියන 9.3 ක් ආසාදිතයන් බවට පත් ව සිටින සහ, මරණ සංඛ්‍යාව 231,000 දක්වා ඉහළ ගොස් තිබෙන වාතාවරණයක් තුළ ය.

පෙර ලිපිය

ටෙක්සාස් ජනපදයේ ඡන්ද ලක්ෂයකට වඩා අවලංගු කිරීමේ උත්සාහයක්

 

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි