×

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දෙවන වතාවටත් නොබෙල් සාම ත්‍යාගය සඳහා නාම යෝජනා ලබයි

අන්ත දක්ෂිණාංශිකයෙක් ට්‍රම්ප් ව නොබෙල් සාම ත්‍යාගය සඳහා දෙවන වතාවටත් නම් කරයි!


ජනාධිපතිවරණයට මාස 2 ක් තිබියදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අවම වශයෙන් එක් දෙයක් ගැන දැන් පම්පෝරි ගැසිය හැකිය. ඒ, ඔහුව දෙවැනි වතාවටත් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබීමයි.

කෙසේ වෙතත් ඔහුව මෙසේ 2021 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙන්නේ අන්ත දක්ෂිණාංශිකයෙකු විසින් බව ද වාර්තා වේ.

අන්ත දක්ෂිණාංශික නෝර්වීජියානු දේශපාලකයෙකු වන ක්‍රිස්ටියන් ටයිබ්‍රින්ග්-ජේද් විසින් මේ නම් කිරීම සිදුකර තිබෙන්නේ ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සාමය ඇති කිරීමට දැරූ ප්‍රයත්නය වෙනුවෙනි. පසුගිය වසරේදී ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නාමික ද්විපාර්ශවික සබඳතා පැවැත්වීමට එකඟ වූ අතර, ඊශ්‍රායලය එහිදී බටහිර ඉවුරේ සිදුකිරීමට උත්සාහ කරන ඈඳා ගැනීම නතර කිරීමට එකඟ විය. මේ එකඟතාවය නිවේදනය කරන ලද්දේ ද ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. මෙය 1948 වසරෙන් පසු දෙරට අතර ඇති වූ 3 වැනි සාම ගිවිසුම වේ.

ඒ සමගම නොබෙල් ත්‍යාගයක ට යම් අයෙකු නම් කිරීම කළ හැක්කේ කාටද යන්න පිළිබඳ සංවාදයක් මතු වී තිබේ.

මෙම ලිපිය, නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ එවැනි වැදගත් ගැටළු කිහිපයකට පිළිතුරු සපයයි.

නම් කළ හැක්කේ කාටද?

නම් කිරීම පහසුවෙන් කළ හැකි දෙයකි. ඒ සඳහා බාධක අවම ය. එක්කෝ රාජ්‍ය නායකයෙකුට, එසේත් නැතිනම් ජාතික මට්ටමේ ඕනෑම දේශපාලනඥයෙකුට මෙසේ නම් කළ හැකිය.

නම් කළ නොහැක්කේ කාටද?

විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට, විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ආයතනවල අධ්‍යක්ෂවරුන්ට, නොබෙල් ත්‍යාගය මීට පෙර ලබාගත් තැනැත්තන්ට සහ නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සාමාජිකයන්ට නොබෙල් ත්‍යාගය සඳහා නම් කිරීම් කළ නොහැකි ය.

නම් කිරීම කවදාට පෙරද?

සෑම වසරකම පෙබරවාරි 1 වැනිදාට පෙර මීළඟ වර්ෂයට අදාළ නම්කිරීම් කළ හැකිය. ඒ ආකාරයට ලැබෙන සියලු නාමයෝජනා පිළිගනු ලැබේ.

උදාහරණක් වශයෙන් 2020 වසරේ නොබෙල් සාම ත්‍යාගයට අදාළව නාමයෝජනා 318 ක් ලැබී ඇත. (එයින් ජයග්‍රාහකයා කවුද යන්න තවම දැනුම් දී නැත). නෝර්වීජියානු නොබෙල් කමිටුව කිසිදු විටෙක නාමයෝජනා ලැබී ඇති අය ගැන ප්‍රසිද්ධියේ මත දැක්වීමක් නොකරන අතර, එය වසර 50 ක් තිස්සේ ඔවුන් රැකගෙන එන විශ්වාසනීයත්වයේ සම්ප්‍රදායයි.

ජයග්‍රාහකයා තෝරන හැටි

නාම යෝජනා ලබාදීමෙන් පසුව සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුක්ත නොබෙල් කමිටුව විසින් ජයග්‍රාහකයා තේරීම සිදු කරයි. මෙම කමිටුව නම් කරනු ලබන්නේ නෝර්වීජියානු පාර්ලිමේන්තුව විසිනි.

2021 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහකයා නිවේදනය කරන්නේ 2021 ඔක්තෝබර් මාසයෙන් පසුව ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙරත් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබිණිද?

ඔව්.

මේ වතාවේ එසේ වී තිබෙන්නේ දෙවැනි වරට ය.

2018 වසරේදී ද මේ අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයා විසින්ම ට්‍රම්ප් ව නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කර තිබුණි. එවර දෙදෙනෙක් විසින් ට්‍රම්ප්ව යෝජනා කර තිබූ බව විදෙස් වාර්තාවල දැක්වෙයි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාමය ඇති කිරීම සඳහා ඔහු ගත් උත්සාහය එයට හේතු වශයෙන් දක්වා තිබුණි.

ට්‍රම්ප් ව දිගින් දිගටම නොබෙල් සාම ත්‍යාගය සඳහා මෙසේ නම් කරන නෝර්වීජියානු දේශපාලනඥ ක්‍රිස්ටියන් ටයිබ්‍රින්ජ්, නෝර්වේ රාජ්‍යයේ කොන්සවේටිව් ප්‍රෝග්‍රෙස් පක්ෂයේ සාමාජිකයෙකි.

ඇමරිකානු ජනාධිපතිවරුන් මීට පෙරත් නොබෙල් සාම ත්‍යාගයට නම් වී තිබේද?

ඔව්

ජනාධිපිත විලියම් හොවාඩ් ටාෆ්, ජනාධිපති හර්බට් හූවර් සහ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් සහ ජනපති බරාක් ඔබාමා මීට පෙර නාමයෝජනා ලැබූ කිහිප දෙනා අතර වෙති.

 

US President Barack Obama holds his Nobel Peace Prize next to Chairman of the Norwegian Nobel Committee, Thorbjoern Jagland, in Oslo - 10 December 2009AFP
President Obama’s nomination for the Nobel Peace Prize also drew scepticism.

මේ අතරින් ඇමරිකාවේ පළමු සහ එකම කළු ජාතික ජනපතිවරයා වූ බරාක් ඔබාමා, එයට නම් කරනු ලැබුවේ ධුරයට පත් වී මාස කිහිපයක් ඇතුළත ය. ඒ අනුව ඔහු විසින් ලෝක සාමයට ප්‍රමාණවත් බලපෑමක් සිදු කළේද යන්න ගැන විවාදයක් ද හටගැනිණි. නමුත් බරාක් ඔබාමා 2009 වසරේදී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේය.

එයට පෙර 1906 වසරේදී ජනපති තියඩෝර් රුස්වෙල්ට් විසින්ද, 1920 වසරේදී වුඩ්රෝ විල්සන් විසින් ද, 2002 වසරේදී ජිමී කාටර් විසින්ද නොබෙල් සාම ත්‍යාගයන් දිනාගෙන තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට සමත් වූ ඇමරිකානු ජනාධිපතිවරුන් ගණන 4 කි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙම නාමයෝජනාව ගැන සැළවූ පසුව මහත් උද්දාමයෙන් යුතුව ඒ ගැන ට්විටර් සටහනක් තැබුවේය. එහි සඳහන් වන්නේ ‘‘මම මිනිස්සු මැරීමට ඉතාම හොඳයි‘ යනුවෙන් ඔහුගේ ප්‍රකාශයක් ඇතුළත්ව පළ වූ ‘ඩබල් ඩවුන්‘ පොත එසේ පවසද්දී නොර්වේ රජය දැන් කුමක් කියන්නේද යන්නයි.

 Twitter post by @realDonaldTrump

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිතන්නේ තමන්ට මෙම ත්‍යාගය ලැබීමට සුදුසුකම් ඇති බවයි. 2013 වසරේදී ඔහු ට්විටර් ඔස්සේ කියා තිබුණේ ඔබාමාට ලැබුණු නොබෙල් සාම ත්‍යාගය ආපසු ලබාගත යුතු බව ය.

මේ අතර ඔබාමා, නොබෙල් සාම ත්‍යාගය සමග තමන්ට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 1.4 ක මුදල, පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළේය.

මතභේදාත්මක නොබෙල් සාම ත්‍යාග නාමයෝජනා

නොබෙල් සාම ත්‍යාග ඉතිහාසය මාටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා සහ තෙරේසා මව්තුමිය වැනි කීර්තිමත් පුද්ගලයන්ගෙන් මෙන්ම අපකීර්තිමත් සහ මතභේදාත්මක නාමයෝජනාවලින් ද පිරී පවතියි. පහත දැක්වෙන්නේ එයට උදාහරණ කිහිපයකි.

1939 වසරේදී ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ස්වීඩන් පාර්ලිමේන්තු සාමාජිකයෙකු විසින් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කෙරිණි.

නමුත් ලොව දස දෙසින් එයට එල්ල වූ විරෝධතා මධ්‍යයේ එම නාම යෝජනාව වහාම ඉවත් කර ගන්නා ලදී.

ඉන් වසර කිහිපයකට පසුව 1945 වසරේදී සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් ද මෙයට නාමයෝජනා ලැබීය. ට්‍රම්ප් මෙන්ම ඔහු ද දෙවරක් (පසුව 1948 වසරේදී) නාම යෝජනා ලැබුවේය. දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා කළ මෙහෙය වෙනුවෙන් එසේ නම් කරන බව කියැවුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි