×

ඇමරිකානු ජනාධිපති සටනේ බයිඩන් ඉදිරියෙන් !

CNN පුවත් සේවය ඇතුළු නවතම සමීක්ෂණ ගණනාවකට අනුව ජනාධිපතිවරණයේ අවසන් සති 2 ආරම්භ වන විට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා ජෝ බයිඩන් ඉදිරියට එමින් සිටින බව හෙළි වේ.


දීප ව්‍යාප්ත CNN සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව මේ වන විට ජෝ බයිඩන් – ට්‍රම්ප් ඡන්ද අනුපාතය බෙදී යන්නේ 54% – 42% වශයෙනි.

කෝවිඩ්-19 වසංගතය මැද්දේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉවක් බවක් නැතිව සිදුකරන ට්‍රම්ප්, එම වසංගතය නිසාම නොසිතූ පරිදි ජනප්‍රියත්වය පහත දමාගෙන ඇතැයි පැවසේ.

අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ ජනප්‍රිය ඡන්ද ප්‍රතිශතය අනුව නොව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හිදී දෙපාර්ශවය නියෝජනය කරන පක්ෂ විසින් දිනාගන්නා මන්ත්‍රී ආසන ගණන අනුව වුවත්, මෙය තීරණාත්මක වෙනසක් බව විචාරකයන්ගේ මතයයි.

(කියවන්න – 2020 ජනාධිපතිවරණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද?)

මේ වන විට ඇමරිකානුවන්ගෙන් මිලියන 70කට වඩා කලින්ම ඡන්දය ප්‍රකාශ කර තිබේ. එසේ ඡන්දය ප්‍රකාශ කළ අය අතරින් ට්‍රම්ප් – ජෝ බයිඩන් මනාපය බෙදී ගොස් තිබෙන්නේ පහත අයුරිනි.

64% – බයිඩන්
34% – ට්‍රම්ප්

ඉදිරියේදී ඡන්දය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන අයගේ බෙදී යාම මෙසේ ය.

63% – බයිඩන්
33% – ට්‍රම්ප්

මෙය සත්‍ය වුවහොත් බොහෝ දුරට කොංග්‍රසයේ 2/3 ක බලයක් ලබාගැනීමට බයිඩන් සමත් වනු ඇත.

මෙවර කාන්තාවන් ගේ මනාපය පිළිබඳ පුරෝකථනය පහත දැක්වේ.

කාන්තාවන්ගෙන් 61% – බයිඩන්
කාන්තාවන්ගෙන් 31% – ට්‍රම්ප්

මේ අතර, පුරුෂයන්ගේ මනාපය ද බයිඩන් වෙත ක්‍රමයෙන් යොමු වෙමින් තිබෙන බව දැක්වේ.

පුරුෂයන්ගෙන් 48% – ට්‍රම්ප්
පුරුෂයන්ගෙන් 47% – බයිඩන්

කළු ජාතිකයන් අතර පැහැදිලි බෙදී යාමක් දැකගත හැක්කේ පහත අයුරිනි. එය 50%ක පමණ වෙනසකි.

71% – බයිඩන්
24% – ට්‍රම්ප්

සුදු ජාතිකයන්ගේ ඡන්ද පදනම ද ට්‍රම්ප් වෙතින් ගිලිහෙමින් යන බව පෙනේ.

50% – ට්‍රම්ප්
48% – බයිඩන්

SSRS ආයතනය විසින් CNN පුවත් සේවය වෙනුවෙන් 2020 ඔක්තෝබර් 20 වැනිදා සිදුකළ මෙම දීප ව්‍යාප්ත සමීක්ෂණයට මුළු රටම ආවරණය වන පරිදි 1005 දෙනෙක් සජීවී සම්මුඛ සාකච්ඡාවලට ලක් කර තිබේ.

The Independent සමීක්ෂණය

මේ අතර The Independent පුවත් සේවය විසින් ද මෙවැනිම සමීක්ෂණයක් පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵල අනුව ද ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන් ය. එය අද පවතින තත්වයට, එනම් ජනාධිපතිවරණයට සතියකට පෙර තත්වයට අදළ වීම විශේෂත්වයකි.

මෙම සමීක්ෂණය ඔක්තෝබර් 26-28 දෙදින තුළ සිදුකර ඇති අතර, එහිදී සම්මුඛ සාකච්ඡාවන්ට ලක් කළ 884 දෙනා අතරින් 54%ක් දෙනා පවසා තිබෙන්නේ තමන්ගේ මනාපය ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් බව ය.

41%ක් පමණක් ජනපති ට්‍රම්ප්ට ප්‍රමුඛතාවය ලබා දී තිබේ.

මේ අතර ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය තවදුරටත් පවසන්නේ 2016 වසරේදී හිලරි ක්ලින්ටන් දිනාගත් සුදු ජාතික ඡන්ද පදනමට වඩා වැඩි ඡන්ද පදනමක් ජෝ බයිඩන් විසින් සතු කර ගෙන සිටින බවයි. මෙය 15%ක වැඩිවීමකි.

බයිඩන්ගේ ජනප්‍රියත්වය කළු ජාතිකයන් අතර 2016 ට සාපේක්ෂව 5%කින් තවමත් පහළ අගයක පවතින නමුත්, කළු ජාතිකයන්ගෙන් 80%ක සහයෝගය සමස්තයක් ලෙස ඔහු විසින් දිනාගෙන ඇති බව ද කියැවේ.

මේ අනුව සමස්තයක් ලෙස ජෝ බයිඩන් මේ වන විට ඇමරිකානු ඡන්ද පදනමෙන් 14%ක් පමණ ඉදිරියෙන් සිටියි.

RealClearPolitics නමින් සමීක්ෂණ කිහිපයක ප්‍රතිඵල ඒකාබද්ධ කරන සමීක්ෂණ ආයතනය ද පවසන්නේ බයිඩන් මේ වන විට 7%ක් පමණ ඉදිරියෙන් සිටින බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි