×

ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් වීමට තිබෙන ජනපදවලත් බයිඩන් සෙමෙන් ඉදිරියට

මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා කවුදැයි තීරණය කරන, දැනට ඡන්ද ගණන් කෙරෙමින් පවතින ජනපද 5 තුළ ද ජෝ බයිඩන්ගේ ස්ථාවරත්වය සෙමෙන් තහවුරු වෙමින් පවතින බව නවතම වාර්තාවල දැක්වේ.


ඒ, බයිඩන් සහ ට්‍රම්ප් අතර මෙයට දින 2 කට පෙර පැවති මනාප පරතරය බොහෝ දුරට අඩු වී යාම මගිනි.

ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බලය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන අවම ඡන්ද 270 අතරින් 264 ක් බයිඩන් මේ වන විට ලබාගෙන ඇති අතර, ට්‍රම්ප් ලබාගෙන තිබෙන්නේ 214 කි.

මෙම 264-214 ප්‍රතිඵලය දැන් පැය 24කටත් වඩා වැඩි කාලයක් ඒ අන්දමින්ම වෙනස් නොවී පවතින්නේ ඉන් අනතුරුව, කිසිදු ජනපදයක අවසන් ප්‍රතිඵලයක් නිකුත් නොවූ හෙයිනි. එනම්, තවදුරටත් ඉතිරි ජනපදවල ඡන්ද ගණන් කිරීම් සිදුවෙමින් පවතින බැවිනි.

මෙම අතිශය තීරණාත්මක ජනපද බවට පත් ව තිබෙන්නේ ජෝර්ජියාව, පෙන්සිලේවේනියාව, උතුරු කැරොලිනාව, නෙවඩා සහ ඇලස්කාවයි.

මේ අතරින් නෙවඩා ජනපදයේ බයිඩන් ඉදිරියෙන් පසුවන අතර, ඉතිරි ජනපද හතරෙහිම ඉදිරියෙන් සිටින්නේ ට්‍රම්ප් ය. නමුත් මෙයට දින 2 කට පෙර වැඩි ඡන්ද ලක්ෂ 5 ක් වැනි ප්‍රමාණයක් ඇතැම් ජනපදවල ට්‍රම්ප් වාර්තා කරමින් සිටියත් මේ වන විට එය 75,000 ක් වැනි ප්‍රමාණයකට අඩු වී තිබේ.

පෙන්සිල්වේනියාවේ සහ ජෝර්ජියාවේ මෙම පරතරය අඩු කරමින් ජෝ බයිඩන් ඉදිරියට පැමිණීම ඉතා වැදගත් වන්නේ ‘බැට්ල්ග්‍රවුන්ඩ්ස්‘ ලෙස හැඳින්වෙන මෙම ජනපදවලින් බයිඩන්ට අඩු ව පවතින ඡන්ද 7 සම්පූර්ණ කර ගැනීමට හැකිවුවහොත්, සෙසු ජනපදවල ප්‍රතිඵලවලින් තොරවම ඔහු ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන හෙයිනි.

ජෝර්ජියා ජනපදයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය ඉක්මනින් නිකුත් වෙතැයි සඳහන් වේ. එයට හේතුව, මේ වන විට එහි තවදුරටත් ඡන්දය ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ 1%ක ප්‍රමාණයක් පමණි.

එනම් ජෝ බයිඩන් සහ ට්‍රම්ප් අතර මෙම ජනපදවලදී පවතින පරතරය ද සෙමෙන් අඩු වෙමින් යයි.

The Guardian පුවත් සේවයට අනුව පහත දැක්වෙන්නේ දැනට පවතින තත්වයයි.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි